'මත් තරුවලට' චීන රූපවාහිනිය තහනම්

ඡායාරූප මූලාශ්‍රය, Reuters
මත් ද්‍රව්‍ය පාවිච්චි කරන හෝ ගණිකාවන් සොයා යන රූපවාහිනී සහ සිනමා තරු රාජ්‍ය රූපවාහිනියේ හෝ වෙනත් විකාශන වැඩ සටහන් වල පෙනී සිටීම නතර කරන බව චීනයේ ජන මාධ්‍ය පාලක ආයතනය පවසයි.
මෑත දී වාර්තා වූ සිදුවීම් කීපයක් සැලකිල්ලට ගනිමින් චීන ජන මාධ්‍ය පාලක ආයතනය පවසන්නේ එවැනි ක්‍රියාවන්ට සම්බන්ධ වෙන කීර්තිමත් පුද්ගලයන් මගින් තරුණ සමාජයට වැරදි ආදර්ශයක් සැපයෙන බවයි.
ඉහත කී අකාරයේ පියවරක් ගනු ලබන්නේ ජන මාධ්‍ය සහ කලා සමාජ විනෝදාත්මක අංශයේ යහ පැවැත්ම වෙනුවෙන් යයි චයිනා ඩේලි පුවත්පත පවසයි.
එකී තහංචිය අන්තර්ජාලයට ද බලපාන බවයි චීන ජන මාධ්‍ය පාලක ආයතනය පාසන්නේ.
චීන බලධාරීන් මත් ද්‍රව්‍ය පාවිච්චිය සම්බන්ධයෙන් එරට සුප්‍රකට පුද්ගලයන් ගණනාවකට එරෙහිව මේ වසරේ චෝදනා ඉදිරිපත් කර ඇති බවත් වාර්තා වෙයි.
ජැකී චෑන්ගේ පුත්‍රයාත්
එසේ චෝදනා ලද ප්‍රකට පුද්ගලයන් අතර සිනමා නළු ජැකී චෑන් ගේ පුත්‍රයා වන ජේසී චෑන් ද වෙයි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
මත්ද්‍රව්‍ය චෝදනා ලද ජේසී චෑන් සහ තායිවාන් සිනමා නළු කයි කෝ(Kai Ko)පසුගියදා චීන බලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුණි.
ඔහුගේ නිවසේ තිබී මරිජුවානා ග්‍රෑම් සීයකට අධික ප්‍රමාණයක් සොයා ගත් බව චීන පොලිසිය වාර්තා කර ඇත.
චිත්‍රපට අධ්‍යක්ෂ වන් ක්වානන් (Wan Quan’an) අත්අඩංගුවට ගෙන ඇත්තේ ගණිකාවන් කුලියට ගැනීමේ සැක පිටයි.
මරිජුවානා ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලද සිනමා නළු ගාඕ හු(Gao Hu)අත්අඩංගුවට ගත් තවත් සිනමා තරුවකි.
ඉහත කී වැඩ පිළිවෙළ ඉහළ ප්‍රභූ තන්ත්‍රය අතර බහුල වශයෙන් සිදු කෙරෙන අනිසි ක්‍රියා මැඩලීමට චීන ආණ්ඩුව ගෙන යන පුළුල් ව්‍යාපෘතියක කොටසක් වන බවයි, බේජිං නගරයේ සිටින බීබීසී වාර්තාකරු පවසන්නේ.








