තල්මසුන් දඩයම යළි ආරම්භ කරනවා -ජපානය

ඡායාරූප මූලාශ්‍රය, Getty
මතභේදයට ලක් වී ඇති ජපානයේ වාර්ෂිකව කෙරෙන තල්මසුන් දඩයම ලබන වසරේදී නැවත ආරම්භ කරන බව ජපාන රජය තරයේ කියා සිටියි.
ජපානය මෙම පියවර ගෙන ඇත්තේ තල්මසුන් පිලිබඳ අන්තර්ජාතික කොමිසම විසින් මෙම තල්මසුන් දඩයම නීති විරෝධී බව තීරණය කිරීමත් සමඟයි.
ඔවුන් පවසන්නේ ජපානයේ වාර්ෂික තල්මසුන් දඩයම විද්‍යාත්මක පර්යේෂණ සඳහා පමණක් නොවන හෙයින් එය නතර කළ යුතු බවයි.
එක්දහස් නවසිය අසූ හය වසරේ තල්මසුන් දඩයමට එරෙහිව අන්තර්ජාතික තහනමක් පැනවූ නමුත් විද්‍යාත්මක පර්යේෂණ සඳහා පමණක් තල්මසුන් මැරීමට අවසර දී තිබුණි.
ජපානය තුළ සිදු කරන තල්මසුන් දඩයම විද්‍යාත්මක පර්යේෂණ සඳහා නොවන බව හා එය සැඟවී කරන නීති විරෝධී තල්මසුන් වෙළදාමක් බව අන්තර්ජාතික අධිකරණය පැවසීමත් සමග මේ වසරේ දී තල්මසුන් දඩයම නැවැත්වීමට ජපානයට සිදු විය.
තල්මසුන් දඩයම ජපාන සංස්කෘතියේ අංගයක් බව ජපාන අගමැති ශින්සෝ අබේ මීට ඉහතදී ප්‍රකාශ කර තිබුණි.




