කාන්තාවන් කලිසම් ඇඳීමෙන් වැළකිය යුතුයි -යේසුදාස්

ඡායාරූප මූලාශ්‍රය, drkjyesudas.com
කාන්තාවන් කලිසම් ඇඳීමෙන් වැළකිය යුතු බවට ඉන්දියාවේ ප්‍රසිද්ධ ගායකයකු වන කේ ජේ යේසුදාස් කළ ප්‍රකාශයක් කාන්තා හිමිකම් සංවිධානවල දැඩි විවේචනයට ලක් වී තිබේ.
කාන්තාවන් කලිසම් ඇඳීම ඉන්දියානු සංස්කෘතියට පටහැණි මෙන්ම කාන්තාවන් ලිංගික හිරිහැරවලට ලක් වීමට ඇති කෙරෙන පෙළඹවීමක් බව දමිළ සහ මලයාලම් ගීත ගායනයෙන් ප්‍රසිද්ධියට පත් කේ ජේ යේසුදාස් පවසා තිබුණි.
කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාධාරිණියක් වන කවිතා ක්‍රිෂ්ණන් පවසන්නේ කාන්තාවන් කලිසම් ඇඳීම සම්බන්ධයෙන් විරෝධය පෑම නවතා ඔහු සිය දෑස් ආවරණය කර ගත යුතු බවයි.
එහෙත් ඔහු ඉන්දීය සංස්කෘතිය වෙනුවෙන් පෙනී සිටි ක්‍රියාධරයකු බව අන්තර්ජාලයේ ට්විටර් වෙබ් අඩවිය ඔස්සේ අදහස් දක්වන තවත් සමහරුන් සඳහන් කොට තිබුණි.




