තායිලන්ත අගමැති සංචාරකයන්ගෙන් සමාව අයදී

ඡායාරූප මූලාශ්‍රය, Reuters
බ්‍රිතාන්‍ය සංචාරකයින් දෙදෙනෙකු තායිලන්ත දුපතකදී ඝාතනය වීමේ සිද්ධියෙන් පසු මාධ්‍ය ඇමතූ තායිලන්ත නව අගමැති ජෙනරාල් ප්‍රයුත් චෑන් ඕචා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාව ඉල්ලා නිවේදනයක් නිකුත් කොට තිබේ.
අගමැතිවරයා කළ ප්‍රකාශයේ සඳහන් වන්නේ සංචාරකයන් තායිලන්තය ආරක්ෂා සහිත රටක් ලෙස සලකා තමන්ට කැමති ආකාරයට නාන ඇඳුම් වලින් සැරසී ගමන් කිරීම අවදානම් බවයි.
කනගාටුව
තවදුරටත් අදහස් දක්වමින් අගමැතිවරයා මාධ්‍ය හමුවේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ, 'අවලස්සන සහ සිත් ඇද ගන්නා සුළු නොවන තැනැත්තියක් හැරෙන්නට නාන ඇඳුමින් (bikinis) සැරසී ගමන් කිරීම ආරක්ෂා සහිතද?' යනුවෙනි.
තමන්ගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් සංචාරකයින්ගෙන් සමාව ඉල්ලා නිවේදනයක් නිකුත් කළ අගමැතිවරයා කියා සිටියේ ඔවුන්ගේ සිත රිදවෙන ආකාරයෙන් තමන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කනගාටු වන බවයි.
ඝාතන පරීක්ෂණ
විසි තුන් හැවිරිදි හැනා නම් බ්‍රිතාන්‍ය ජාතික තරුණියගේ සහ විසි හතර හැවිරිදි ඩේවිඩ් නම් තරුණයාගේ මළ සිරුරු තායිලන්ත දූපතක් වන කෝ තාවෝ හි මුහුදු වෙරළේ තිබී පසුගිය සඳුදා පොලිසිය විසින් සොයා ගැණින.

සංචාරකයන් දෙදෙනාගේ ඝාතන සම්බන්ධ පරීක්ෂණ වල DNA සාම්පල සැක කරුවන් හා නොගැලපීම හේතුවෙන් තමන් ගැටලුකාරී තත්වයකට මුහුණ පා ඇති බවයි පොලිසිය පවසන්නේ.
පසුගිය මැයි මාසයේ හමුදා කුමන්ත්‍රණයක් මගින් තායිලන්ත පාලන බලය ජෙනරාල් ප්‍රයුත් චෑන් ඕචා අතට පත්වීමත් සමග රට තුළ පැවති ඇඳිරි නීතිය සහ දැඩි හමුදා පාලන ක්‍රියාමාර්ග හේතුවෙන් තායිලන්තයේ සංචාරක කර්මාන්තය බිඳ වැටීමට ලක් විය.




