චීන ජනපති ගමන කල් යයි

පකිස්ථානය ඩොලර් බිලියන ගණනක චීන ආයෝජන බලාපොරොත්තු වෙයි

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, පකිස්ථානය ඩොලර් බිලියන ගණනක චීන ආයෝජන බලාපොරොත්තු වෙයි

සැප්තැම්බර් මස අවසානයට යෙදී තිබුණු චීන ජනාධිපති ෂි ජින්පින් ගේ පකිස්තාන චාරිකාව කල් දැමූ බව පකිස්තාන විදේශ අමාත්‍යංශය පවසයි.

පකිස්තානය තුළ පවතින දේශපාලනික ගැටුම්කාරී වාතාවරණය මෙයට හේතු වූ බව ප්‍රකාශ කරන විදේශ අමාත්‍යංශය සැම අතින්ම දෙරටෙහි තත්වයන්ට ගැලපෙන නව දිනයක් පිළිබඳව සාකච්ඡා කෙරෙමින් පවතින බවයි පවසන්නේ.

සති තුනක පමණ කාලයක් ආණ්ඩු විරෝධී ගැටුම් පැවති අගනගරය වන ඉස්ලාමාබාද් හි තත්වය තවමත් මුළුමනින්ම යහපත් අතට හැරී නැති බවයි වාර්තා වන්නේ.

වාර්තාවන ආකාරයට පකිස්තානය බලශක්ති සහ යටිතල පහසුකම් ක්ෂේත්‍රය තුළ ඩොලර් බිලියන ගණනක චීන ආයෝජන බලාපොරොත්තු වෙයි.

පසුගිය මාසයේ දී ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ පකිස්තාන චාරිකාව ද අවලංගු වූයේ මේ හේතුවෙන් ම බවයි පැවසෙන්නේ.