ෂාරුක් තහනම් නර්තනයක ?

ඡායාරූප මූලාශ්‍රය, PTI
ඉන්දීය බටහිර බෙංගාල ප්‍රාන්ත පොලිසිය සංවිධානය කළ උත්සවයකදී පොලිස් නිලධාරිනියක් වේදිකාවට පැමිණ සුපිරි සිනමා නළු ෂාරුක් ඛාන් සමග නර්තනයේ යෙදීම මතභේදයට තුඩු දී තිබේ.
එම ක්‍රියාව ඉන්දීය විපක්ෂ දේශපාලනඥයන්ගේ දැඩි විවේචනයට ලක් වී තිබෙන අතර ඔවුන් කියා සිටින්නේ පොලිස් නිල ඇදුමින් සැරසී එවැන්නක් කිරීමට ඉඩ හැරීම මගින් ජනතාව තුළ පොලිසිය කෙරෙහි පවතින ගෞරවය අඩු වන බවයි.
මතභේදාත්මක සිදුවීම සම්බන්ධයෙන් සිනමා නළු ෂාරුක් ඛාන් සහ නර්තනයේ යෙදුණු පොලිස් නිලධාරිනිය මේ දක්වා අදහස් ප්‍රකාශ කර නොමැති බවයි පැවසෙන්නේ.
අභියෝගය
බටහිර බෙංගාල නායිකා මමතා බෙනර්ජි විසින් ඉන්දීය සිනමා නළු ෂාරුක් ඛාන් එම ප්‍රාන්තය නියෝජනය කරන නිල දූතයෙකු වශයෙන් මෑතකදී ප්‍රකාශ කෙරුණු අතර ප්‍රාන්ත පොලිසිය මෙම උත්සවය වාර්ෂිකව සංවිධානය කරයි.
කොංග්‍රස් පක්ෂය නියෝජනය කරන ප්‍රාන්ත විපක්ෂයේ සභාපති රන්ජන් චව්ද්රි, ප්‍රාන්ත නායිකා මමතා බෙනර්ජිට චෝදනා කරමින් කියා සිටින්නේ පොලිස් නිල ඇදුමින් සැරසී ප්‍රසිද්ධ වේදිකාවක නර්තනයේ යෙදීමට ඉඩ හැරීම හරහා ඉන්දීය ව්‍යවස්ථාව අභියෝගයට ලක් වන බවයි.




