එක්සත් ජාතීන් ඊශ්‍රායල් ප්‍රහාර ගැන ප්‍රශ්න කරයි

ඡායාරූප මූලාශ්‍රය, AFP
පසුගිය දින හතර ඇතුලත ගාෂා තීරයට එල්ල කෙරුණ ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර මගින් මරා දමන ලද පලස්තීන ජාතිකයන්ගේ සංඛ්‍යාව සීයක් පමණ බව වාර්තා වෙයි.
ඊශ්‍රායල් ප්‍රහාර ගැන අදහස් දක්වන පලස්තීන විදේශ ඇමති රියාද් අල් මලිකි සාමාන්‍ය ජනාතාව ගොදුරු කරගත් ම්ලේච්ඡ ප්‍රහාරයක් හැටියටයි එය විග්‍රහ කළේ.
මේ අතර ගාෂා වෙතින් එල්ල වූ රොකට් ප්‍රහාරයක් දකුණු ඊශ්‍රායලයේ ඈශ්ඩඩ් (Ashdod) නගරයේ ඉන්ධන පිරවුම් හලකට පතිත වීමෙන් තිදෙනකු ත්ගුවාල ලද බවත් ඔවුන්ගෙන් එක් තැනැත්තකුගේ තත්වය බරපතළ බවත් වාර්තා කෙරිණ.
මෙය ගාෂා තීරය දෙසින් ඊශ්‍රායලයට මෙවර ගැටුමේදී එල්ල කෙරුණ දරුණුම ප්‍රහාරයයි.මෙම ගැටුම් වලින් සිදු වූ ඊශ්‍රායල් මරණ ගැන තවමත් වාර්තා කොට නැත.
මෙවර අර්බුදයේදී , ලෙබනනය දෙසින් ද උතුරු ඊශ්‍රායලයට පළමු වතාවට රොකට් ප්‍රහාර එල්ල වූ බවත් වාර්තා වෙයි.එම ප්‍රහාර පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න සොයා ගැනීමට උත්සාහ කරන බවයි,ලෙබනන් යුද හමුදාව පවසන්නේ.
ඊශ්‍රායල් ප්‍රහාර ගැන සැකය

ඡායාරූප මූලාශ්‍රය, na
මරා දැමෙන පලස්තීන සාමාන්‍ය ජනයාගේ සංඛ්‍යාව අනුව ගාෂා තීරයට එල්ල කරනු ලබන ඊශ්‍රායල් ප්‍රහාර ජාත්‍යන්තර නීතියට අනුකූල වන්නේද යන්න සම්බන්ධයෙන් සැකයක් මතු වෙන බව මානව හිමිකම් භාර එක්සත් ජාතීන්ගේ කොමසාරිස්වරිය පවසයි.
මහකොමසාරිස් නවී පිල්ලේ ජිනේවා නගරයේදී ප්‍රකාශයක් කරමින්, ඊශ්‍රායලය සාමාන්‍ය ජනයා ඉලක්ක කර ගනු ලැබීමෙන් වැළකිය යුතු බවයි කියා සිටියේ.
තවදුරටත් අදහස් පළ කළ කොමසාරිස්වරිය,සාමානය ජනයා වෙසෙන කලාපයන්හි යුද කටයුතු වලට යොදා නොගන්නා මෙන් අනතුරු ඇඟවීමක් ද කර ඇත.
ඊශ්‍රායලය කියා සිටින්නේ, හමාස් ව්‍යාපාරය ගාෂාහි පෞද්ගලික නිවාස වල සිට රොකට් ප්‍රහාර එල්ල කරන බවයි.








