අගමැති මෝදි භූතානයේ සංචාරයක

ඡායාරූප මූලාශ්‍රය, AFP
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හිමාල රාජ්‍යයක් වන භූතානයේ නිල සංචාරයක යෙදීමට නියමිතයි.
මෙය නරේන්ද්‍ර මෝදි අගමැති තනතුරේ දිවුරුම් දීමෙන් අනතුරුව කෙරෙන ප්‍රථම විදෙස් සංචාරයයි.
සංචාරයට පෙර නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය අගමැතිවරයා පවසන්නේ ඉන්දියාව හා භූතානය සතු ඔවුන්ට පමණක් ආවේණික වූ විශේෂිත සබැඳියාවක් පවතින බවයි.
ඉන්දීය නායකයාගේ භූතාන සංචාරයේ ඉලක්කය කලාපයේ චීන බලපෑම් කෙසේ ද යන්න සොයා බැලීම බවයි වාර්තාකරුවන් පවසන්නේ.
අගමැති මෝදි ඉන්දියාවට අවශ්‍ය පිරිසිදු බලශක්තිය සපයා ගැනීම සඳහා දෙරටේ සහයෝගය ඇතිව භූතානයේ ජල විදුලි උත්පාදනය වර්ධනය කිරීම පිළිබඳව භූතාන අගමැති ශරින් ටෝබ්ගේ සමග සාකච්ඡා කිරීමට නියමිතයි.




