අනවසර සංක්‍රමණිකයෝ තායිලන්තයෙන් පළා යති

ඡායාරූප මූලාශ්‍රය, AP

තායිලන්තයේ අනවසරයෙන් සිටින විදේශිකයන්ට එරෙහිව පියවර ගන්නා බව එරට හමුදා ආණ්ඩුව ප්‍රකාශ කිරීමෙන් පසු දහස් සංඛ්‍යාත කාම්බෝජ සංක්‍රමණිකයෝ තායිලන්තයෙන් පළා යමින් සිටිති.

දේශසීමා කපොලු වෙත පැමිණ සිටින බොහෝ කාම්බෝජ වැසියන්ට තායිලන්තයේ වැඩ කිරීම සඳහා අවශ්‍ය නිසි බලපත්‍ර නොමැති බවයි වාර්තා වන්නේ.

අනවසර සංක්‍රමණිකයන් කාම්බෝජය වෙත රැගෙන යාමට බස්, ලොරි සහ දුම්රිය සිය ගණනක් යොදා ඇතැයි සංක්‍රමණිකයන් පිළිබඳ අන්තර්ජාතික සංවිධානය කියා සිටිති.

හමුදා පාලනයක් පවතින තායිලන්තයේ රැඳී සිටීමෙන් තමන්ට අත් විය හැකි ඉරණම පිළිබඳ නො දන්නා බැවින් බොහෝ කාම්බෝජ වැසියන් සියරට බලා යන බවයි එම සංවිධානය පවසන්නේ.