ඇෆ්ගනිස්ථාන ජනාධිපතිවරණය නිමයි

ඡායාරූප මූලාශ්‍රය, AP

ඇෆ්ගනිස්ථාන ජනාධිපතිවරණයේ දෙවන වටයේ ඡන්ද විමසීම අද අවසන් විය.

තාලිබාන්වරුන්ගෙන් එල්ල විය හැකි තර්ජන මැඩපැවැත්වීමටත්, මැතිවරණයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහාත් එක් ලක්ෂ අසු දහසකට අධික පොලිස් සහ හමුදා භට පිරිසක් යොදවා තිබූ බවයි වාර්තා වන්නේ.

වෙඩි තැබීම් නොතකා තම ඡන්දය ප්‍රකාශ කිරීමට උතුරු ඇෆ්ගනිස්ථානයේ කුන්දුස් පළාතේ ජනතාව එඩිතර පියවර ගෙන තිබුණි.

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා කොටළුවෙක් පිට නැගී ඊසාන දිග ඇෆ්ගනිස්ථානයේ කුනාර් දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථානයකට පැමිණි හැට නව හැවිරිදි කාන්තාවක් කියා සිටියේ රොකට් ප්‍රහාර වලට තමා බියට පත් කිරීමට හැකි නො වූ බවයි.

මීළඟ ඇෆ්ගනිස්තානු ජනාධිපතිවරයා ලෙස හිටපු විදේශ ඇමති අබ්දුල්ලා අබ්දුල්ලා තෝරා ගන්නවා ද නැතහොත් හිටපු මුදල් ඇමති අෂ්රෆ් ඝානි තෝරා ගන්න වාද යන්න තීරණය කිරීමටයි ඇෆ්ගනිස්ථාන ජනතාව ඡන්දය ප්‍රකාශ කළේ.