අල්ලස් ගත් ඊශ්‍රායල හිටපු අගමැතිට සිර දඬුවම්

හිටපු අගමැති එහුද් ඔල්මර්ට් හට එරට උසාවිය විසින් වසර හයක සිර දඬුවමක් නියම කරනු ලැබිණි

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, හිටපු අගමැති එහුද් ඔල්මර්ට් හට එරට උසාවිය විසින් වසර හයක සිර දඬුවමක් නියම කරනු ලැබිණි

අල්ලස් ගැනීමේ චෝදනාවකට වරදකරු වූ ඊශ්‍රායලයේ හිටපු අගමැති යෙහුද් ඔල්මර්ට් හට අධිකරණය විසින් වසර හයක සිර දඬුවමක් නියම කරනු ලැබිණි.

ඊශ්‍රායල ආණ්ඩුවේ හිටපු ප්‍රධානියෙක් දූෂණ චෝදනා මත සිරගත කෙරෙන පළමු අවස්ථාවයි මෙයයි.

ඔල්මර්ට් හිටපු අගමැතිවරයා, ජෙරුසෙලමේ නගරාධිපතිව සිටි සමයේ නිවාස ව්‍යාපෘතියකට සහයෝගය පළ කිරීම සඳහා අල්ලස් ගත් බවටයි වරදකරු වී තිබෙන්නේ.

රාජද්‍රෝහී

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් හිටපු අගමැති ඔල්මර්ට් හා අල්ලස් ගැනීමට සම්බන්ධ වූ නිලධාරීන් ඇමතූ විනිසුරුවරයා කියා සිටියේ, ඔවුන්ගේ ක්‍රියාකලාපය රාජද්‍රෝහි ක්‍රියා ලෙසින් සැලකෙන බවයි.

ඒරියල් ශරෝන් ගෙන් අනතුරුව දෙදහස් හය වසරේ අගමැතිධුරයට පත් වූ යෙහුද් ඔල්මර්ට් දෙදහස් අට වසරේ දී තනතුරෙන් ඉවත් විය.

තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව හිටපු අගමැතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිවේදීහු පවසති .