යුක්‍රේන ජනමත විමසුම 'නීති විරෝධියි'

අඩු ඡන්ද මධ්‍යස්ථාන ප්‍රමාණයක් ඇති වැසියන් අධික ප්‍රදේශ තුල ඡන්දය ප්‍රකාශය කිරීමේ දී දැඩි ව්‍යාකුල තත්වයක් පැවතින

ඡායාරූප මූලාශ්‍රය, BBC World Service

ඡායාරූප ශීර්ෂ වැකිය, අඩු ඡන්ද මධ්‍යස්ථාන ප්‍රමාණයක් ඇති වැසියන් අධික ප්‍රදේශ තුල ඡන්දය ප්‍රකාශය කිරීමේ දී දැඩි ව්‍යාකුල තත්වයක් පැවතින

නැගෙනහිර යුක්‍රේනයේ දනෙස්ක් හා ලුහාන්ස්ක් ප්‍රදේශවල රුසියානු හිතවාදීන් විසින් සංවිධානය කෙරුණු ජනමත විචාරණ නීති විරෝධී බව බටහිර රටවල් ප්‍රකාශ කරති.

එම ප්‍රදේශ යුක්‍රේනයෙන් නිදහස ලැබූ බවට සන්නද්ධ කණ්ඩායම් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීම සම්බන්ධයෙන් ජනතා අදහස් විමසීම මෙම ජනමත විචාරණවල අරමුණයි.

විශාල ඡන්දදායකයන් පිරිසක් වෙසෙන නමුත් ප්‍රමාණවත් ඡන්ද මධ්‍යස්ථාන නොමැති ප්‍රදේශ තුල ඡන්දය ප්‍රකාශය කිරීමේ දී දැඩි ව්‍යාකුල තත්වයක් පැවතුනු අතර ඡන්ද විමසීමේ හා ගණන් කිරීමේ කටයුතු සන්නද්ධ කණ්ඩායම් විසින් පාලනය කරනු ලැබූ බව වාර්තාවේ.

ජනමත විමසුම පිළිබඳ අදහස් දැක්වූ යුක්‍රේන වැඩ බලන ජනාධිපතිවරයාගේ ප්‍රකාශකයෙක්, ඇතිවී තිබෙන තත්වය ඉතා ශෝක ජනක බව කියා සිටියේය.

මේ අතර යුක්‍රේන හමුදා සහ රුසියාවට හිතවාදී සන්නද්ධ කණ්ඩායම් අතර ස්ලවියාන්ස්ක් නුවර තවදුරටත් ගැටුම් පවතින බව වාර්තා වේ.