දකුණු කොරියාවේ ජනාධිපතිනිය සමාව අයදී

දකුණු කොරියානු ජනාධිපතිනි පාක් ගුන් - හේ

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, දකුණු කොරියානු ජනාධිපතිනි පාක් ගුන් - හේ

දකුණු කොරියාවේ නෞකාව දියබත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් එරට ජනාධිපතිනිය ජනතාවගෙන් සමාව අයැද සිටියාය.

දකුණු කොරියානු රජය මෙම විපත වළක්වා ගැනීමට අපොහොසත් වී ඇති බවත් බේරා ගැනීමේ මෙහෙයුම් කටයුතු අවුල් කර ගෙන ඇති බවත් ඒ පිළිබඳව සමාව ඉල්ලමින් දකුණු කොරියානු ජනාධිපතිනි පාක් ගුන් - හේ කියා සිටියාය.

පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු තුන් සියයකට අධික පිරිසක් මරණයට පත් විය

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු තුන් සියයකට අධික පිරිසක් මරණයට පත් විය

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමාව ඉල්ලමින් එරට අගමැතිවරයාද පසුගිය දා සිය තනතුරින් ඉල්ලා අස් වුනේය.

අප්‍රේල් දහසය වෙනිදා මෙම නෞකාව දකුණු කොරියානු මුහුදේදී දියබත් වීමෙන් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු තුන් සියයකට අධික පිරිසක් මරණයට පත් විය.

මේවනවිට මළසිරුරු දෙසීයක් පමණ ගොඩ ගෙන ඇති අතර මූහුදු පතුලටම ගිලී ඇති නැවේ සිර වී ඇති ඉතිරි මල සිරුරු ගොඩ ගැනීමට තවමත් කිමිදුම් කරුවෝ උත්සාහ දරමින් සිටිති.