කොංගෝවේ හිටපු හමුදා නායකයෙක් යුද අපරාධවලට වරදකරු

ස්ත්‍රී දූෂණ, ස්ත්‍රීන් ලිංගික වහලුන් ලෙස යොදා ගැනීම සහ ළමා සොල්දාදුවන් යොදා ගැනීම යන චෝදනා වලින් ජමාන් කටන්ගා නිදහස් වී තිබේ
ඡායාරූප ශීර්ෂ වැකිය, ස්ත්‍රී දූෂණ, ස්ත්‍රීන් ලිංගික වහලුන් ලෙස යොදා ගැනීම සහ ළමා සොල්දාදුවන් යොදා ගැනීම යන චෝදනා වලින් ජමාන් කටන්ගා නිදහස් වී තිබේ

යුද අපරාධ චෝදනා එල්ල වී සිටි කොංගෝවේ හිටපු හමුදා නායකයෙකු ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් වරදකරු කරන ලදි.

ජමාන් කටන්ගා යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහිව සිදු කළ අපරාධවලට වරද කරු වූ නමුත් ස්ත්‍රී දූෂණ, ස්ත්‍රීන් ලිංගික වහලුන් ලෙස යොදා ගැනීම සහ ළමා සොල්දාදුවන් යොදා ගැනීම යන චෝදනා වලින් නිදහස් වී තිබේ.

වසර 2003 දී කොන්ගෝ ජන රජයේ ගම්මානයකට එල්ල වූ ප්‍රහාරයක් පමණක් සැලකිල්ලට ගෙන මෙම නඩු විභාගය පැවැත් වීම විශේෂ සිද්ධියක් ලෙස සැලකෙයි.

කොන්ගෝ බලධාරීන් විසින් ජමාන් කටන්ගා ජාත්‍යන්තර අපරාධ අධිකරණයට භාර දෙන ලද්දේ වසර 2007 දී.

මීට වසර දොළහකට පෙර ආරම්භ කළ හේග් නුවර ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් වරද කරු බවට පත් කරන ලද දෙවැනි පුද්ගලයා ජමාන් කටන්ගා යි.