කොන්ගෝ ජන රජයේ හමුදා ලිංගික දුෂණ වලට එරෙහිව පියවර ගන්නවා - එ ජා විශේෂ නියෝජිතවරිය

ප්‍රජාතන්ත්‍රවාදී කොන්ගෝ ජනරජයේ යුද හමුදා සෙබළුන් හා අතුරු හමුදා භටයන් විසින් කරන ලද ලිංගික දුෂණ සම්බන්ධයෙන් පියවර ගැනීමට තමන් දැඩි අදිටනින් යුතුව සිටින බව එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය, සෛනාබ් බැන්ගූරා (Zainab Bangura) පවසයි.

යුද ගැටුම් වලදී ලිංගික ප්‍රචන්ඩතාව යොදාගැනීම සම්බන්ධයෙන් කටයුතු කරන සෛනාබ් බැන්ගූරා (Zainab Bangura) බීබීසී යට ප්‍රකාශ කළේ ස්ත්‍රී දුෂණයේ යෙදුනු භටයන් පිළිබඳ විභාග පවත්වා, නඩු අසා බන්ධනාගාර ගත කළ යුතු වග.

ලිංගික අපරාධ සම්බන්ධයෙන් වරද කරු වන කිසිදු යුද භටයකු තව දුරටත් ආරක්ෂක සේනා වලට බඳවා නොගන්නා බවට ජනාධිපති ජෝසප් කබිලා තමනට පොරොන්දු වූ වගත් ඇය ප්‍රකාශ කළාය.

නැගෙනහිර කොංගෝවේ දුෂණයට ලක්වූ බොහෝ දෙනකු, දරුවන් බව පැවසූ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය ඉන් සමහරකු අත දරුවන් බවත් වැඩි දුරටත් කියා සිටියාය.