ලිංගික චෝදනා මත ඉන්දීය කතුවරයාට නඩු

කතුවර තරුන් තේජ්පාල් නොවැම්බරයේදී අත්අඩංගුවට පත් විය
ඡායාරූප ශීර්ෂ වැකිය, කතුවර තරුන් තේජ්පාල් නොවැම්බරයේදී අත්අඩංගුවට පත් විය

ලිංගික හිරිහැර කිරීමේ චෝදනා මත ඉන්දියාවේ ප්‍රධාන පෙළේ සඟරාවක කතුවරයෙකුට එරෙහිව ඉන්දීය පොලිසිය නඩු පවරයි.

ගවේශනාත්මක තොරතුරු පළ කරන ‘තෙහේල්කා’ සඟරාවේ කතුවර තරුන් තේජ්පාල් ගෝවේ නගරයේදී පැවැත්වූ සාදයක දී තරුණ මාධ්‍යවේදිනියකට ලිංගික අතවරයක් කර ඇති බවට චෝදනා එල්ල වීමෙන් අනතුරුව පසුගිය නොවැම්බරයේදී අත්අඩංගුවට පත් විය.

තරුන් තේජ්පාල් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර ඔහු ඇප පිට නිදහස් කරන ලෙස කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප කර තිබුණි.

වංචා සහ දුෂණ හෙළිදරව් කරන මාධ්‍යවේදියෙකු ලෙස තරුන් තේජ්පාල් ඉන්දියාවේ ප්‍රසිද්ධියට පත්වී ඇති අතර ඔහුට එරෙහිව ලිංගික චෝදනා එල්ල වීම බොහෝ දෙනාගේ විමතියට හේතු විය.