පැහැර ගත් ළමුන් ගණිකා වෘත්තියේ

ඉන්දියාවේ ලක්ෂ හතර හමාරකට අධික බාල වයස්කාර ළමුන් පිරිසක් කම්කරු සේවයේ යොදවා ඇති බවට ඉන්දීය බලධාරීන් පිළිගෙන තිබේ.

සෑම වසරකදීම ඉන්දියාවේ ළමුන් හැට දහසක් පමණ අතුරුදහන්

ඡායාරූප මූලාශ්‍රය, BBC Bangla

ඡායාරූප ශීර්ෂ වැකිය, සෑම වසරකදීම ඉන්දියාවේ ළමුන් හැට දහසක් පමණ අතුරුදහන්

බොහෝ ළමුන් ජාවාරම් කරුවන් විසින් පැහැර ගනු ලැබීමෙන් අනතුරුව බලහත්කාරයෙන් කම්කරු සේවයට යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

සෑම වසරකදීම ඉන්දියාවේ ළමුන් හැට දහසක් පමණ අතුරුදහන් වන අතර යළි සොයා ගත හැකි වන්නේ සියයට එකකටත් අඩු ප්‍රමාණයක් පමණයි.

ඉන්දියාවේ පිටිසර පළාත්වලින් පැහැර ගෙන ආ ගැහැණු ළමුන් නාගරික පෙදෙස්වල ගණිකා වෘත්තියේ සහ ගෘහස්ථ මෙහෙකාර සේවයේ යොදවා අතරමැදියෝ මුදල් සරි කරති.

ඉන්දියාවේ ළමා ආරක්ෂණ නීති රීති ශක්තිමත් නොවීම නිසා ළමා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාධරයන්ට ද මේ සඳහා මැදිහත් විය හැකි ඉඩ කඩ සීමා වී තිබේ.

වසර හතරකට ඉහත ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ දී පැහැර ගත් දැරියකගේ කතාවේ හඬ පටයට සවන් දෙන්න.