ව්‍යාජ ලොතරැයි දිනුම සොයා සැතපුම් දහසක්

ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්ත වැසියෙකු සැතපුම් දහසකට අධික දුරක් ගෙවා දිල්ලි නුවර පිහිටි බීබීසී කාර්යාලයට පැමිණියේ තමාට හිමි බව සැළ වුණු ලොතරැයි දිනුමේ මුදල් ලබා ගැනීමට.

ව්‍යාජ ලොතරැයි දිනුමක් වෙනුවෙන් සැතපුම් දහසක් දුර ගෙවා දිල්ලියට පැමිණි රතන් කුමාර් මල්බිසෝයි
ඡායාරූප ශීර්ෂ වැකිය, ව්‍යාජ ලොතරැයි දිනුමක් වෙනුවෙන් සැතපුම් දහසක් දුර ගෙවා දිල්ලියට පැමිණි රතන් කුමාර් මල්බිසෝයි

තම ජංගම දුරකතනයට ලැබුණු කෙටි පණිවිඩයක සඳහන් වී ඇත්තේ බීබීසී ය මගින් දිනුම් අදිනු ලැබූ ලොතරැයියකින් ඔහුට කෝටි ගණනක විශාල මුදලක් හිමි වී ඇති බවයි.

ජංගම දුරකථන වෙළඳ පොළ ශීඝ්‍රයෙන් වර්ධනය වන රටවල් අතරින් ඉන්දියාව ඉදිරියෙන් ම සිටියි.

මේ වන විට ජංගම දුරකථන භාවිත කරන්නන් මිලියන අටසිය අනූවක් ඉන්දියාවේ සිටින බවයි වාර්තා වන්නේ.

ඒ අතරින් මිලියන ගණනක් වූ පිටිසර ජනතාවට නවීන ලෝකය සහ තාක්ෂණය පිළිබඳ දැනුම අල්පයි.

මේ හේතුව නිසා ජංගම දුරකථන භාවිතා කරන්නන් ගොදුරු කර ගැනීම සඳහා සයිබර් අවකාශයේ සිටින කූට ජාවාරම්කරුවන්ට මොවුහු ගොදුරු වී සිටිති.

ව්‍යාජ ලොතරැයි දිනුමක් වෙනුවෙන් සැතපුම් දහසක් දුර ගෙවා දිල්ලියට පැමිණි රතන් කුමාර් මල්බිසෝයි ගේ කතාවේ හඬ පටයට සවන් දෙන්න.