දඩයක්කාරයාගේ මරණ බය
ඩොලර් ලක්ෂ තුන හමාරක් වැය කොට රයිනෝ දඩයම සඳහා බලපත්රයක් මිල දී ගත් ඇමරිකානු දඩයක්කාරයා සිය ජීවිතාරක්ෂාව සඳහා පොලිස් රැකවරණ පතයි.

ඡායාරූප මූලාශ්රය, AP
ටෙක්සාස් ප්රාන්තයේදී පැවති වෙන්දේසියකදී ඉහලම ලන්සුව තැබූ කෝරි ක්නොල්ටන් මෙම බලපත්රය දිනා ගැනීමෙන් පසු ට්විටර් සහ ෆේස්බුක් සමාජ ජාලා හරහා ඔහුට ජීවිත තර්ජන එල්ල වී තිබේ.
වඳ වී යාමේ තර්ජනයට ලක් වී සිටින කළු රයිනෝසිරස් දඩයම් කිරීමට ඉහත කී බලපත්රය නිකුත් කරනු ලැබ ඇත්තේ නැමීබියානු රජය විසිනි.
මේ පිළිබඳව කළ විමසුමක හඬ පටයට සවන් දෙන්න.