රයිනෝ දඩයම් බලපත්‍රයක මිල ඩොලර් 350,000 ක්

ලොව පුරාම කළු රයිනෝසිරස් ඉතිරි වී සිටින්නේ 5000 ක් පමණයි
ඡායාරූප ශීර්ෂ වැකිය, ලොව පුරාම කළු රයිනෝසිරස් ඉතිරි වී සිටින්නේ 5000 ක් පමණයි

නැමීබියාවේ වෙසෙන, වඳ වී යාමේ තර්ජනයට ලක් වී සිටින කළු රයිනෝසිරස් වර්ගයක් දඩයම් කිරීමේ බලපත්‍රයක් ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ පැවති වෙන්දේසියකදී ඩොලර් තුන් ලක්ෂ පනස් දහසකට විකිණී තිබේ.

මෙම වෙන්දෙසියෙන් ලැබෙන සියලු අරමුදල් රයිනෝ සංරක්ෂණ වැඩසටහන් වලට යෙද වෙන බවයි, වෙන්දේසිය මෙහෙය වූ ඩලස් සෆාරි සමාජය පවසන්නේ.

නැමීබියානු ආණ්ඩුවේ අනුමැතිය ලත් වැඩ පිළිවෙලකට අනුව මහලු, දරදඬු රයිනෝ සතුන් වෙඩි තමා මරා දැමීමට අවසර තිබෙන බවත් ඩලස් සෆාරි සමාජය පවසයි.

වඳ වී යාමේ තර්ජනයට ලක් වී සිටින සතුන් දඩයම් කිරීම විනෝදාංශයක් බවට පත් කරන බව පවසමින් සත්ව හිමිකම් සංවිධාන එම වෙන්දේසිය දැඩිව හෙලා දුටුවේය.

සෙනසුරාදා පැවැත්වුණු වෙන්දේසියට එරෙහිව උද්ඝෝෂණයේ යෙදී සිටි සත්ව හිමිකම් ක්‍රියාධරයකු වන ජිම් රීස් පවසන්නේ, බවයි.

"අපි මෙතෙන්ට එන්න ප්‍රධානම හේතුව දඩයමට විරුද්ධ වෙන්න නෙවෙයි. මෙතන තියන ප්‍රශ්නය තමයි, ඔවුන් මේ වෙන්දේසි කරන්නේ වඳ වෙන්න ඉන්න සත්තු වර්ගයක් දඩයම් කරන බලපත්‍රයක්," යනුවෙන්ද ඔහු පැවසීය.