‘ස්ත්‍රී දූෂණයට වගකිව යුතු ස්ත්‍රීන්’- ආශා මිර්ජේ

ඡායාරූප මූලාශ්‍රය, BBC World Service

ඉන්දීය දේශපාලනයේ ක්‍රියාකාරී කාන්තාවක් ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් කරනු ලැබුණ ප්‍රකාශන මහා පරිමාණයෙන් හෙලා දැකීමට ලක් වෙමින් ඇත.

මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත ආණ්ඩුවේ කාන්තා සංවිධානයක සාමාජිකාවක වන ආශා මිර්ජේ (Asha Mirge,) කියා තිබුණේ, ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් කාන්තාවන් ද වගකිව යුතු බවයි.

දූෂකයන්ට එරෙහි කාන්තා හඬ

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, දූෂකයන්ට එරෙහි කාන්තා හඬ

කාන්තා ඇඳුම් විලාසිතාවන් ඔවුන්ගේ ශාරීරික ඉරියව් සහ දේහ භාෂා ආදිය ස්ත්‍රී දූෂණ අපචාරවලට හේතු වෙන බවයි, ආශා මිර්ග් පවසන්නේ.

දේහ භාෂාවේ ආකර්ශනය

එසේම කාන්තාවන් රාත්‍රී කාලයේ නිවසින් බැහැර වන්නේ කුමක් නිසාදැයි ආශා මිර්ග් ප්‍රශ්න කර තිබුණි.

එම අදහස් වලට ඉන්දීය මාධ්‍ය මගින් විශාල ප්‍රසිද්ධියක් දුන් අතර, කාන්තා සංවිධාන ක්‍රියාධාරිනියන් සහ වෙනත් දේශපාලනඥයන් විසින් එම මතය දෝෂ දර්ශනයට ලක් කොට ඇත.

තමන් විසින් මුලින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව අයදින ආශා මිර්ග්, සිය සමස්ත අදහස වැරදි ලෙස තෝරා ගනිමින් ප්‍රචාරය කෙරෙමින් ඇති බවයි කියා සිටින්නේ.රයේ