යුක්රේන් බලශක්ති අමාත්‍යාංශය විරෝධතාවාදීන් අතට

ukrain riots

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, යුක්රේනයේ දරුණු අතට හැරෙන විරෝධය

යුක්රේනයේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයෝ කීව් අගනුවර බලශක්ති අමාත්‍යංශයට කඩා වැදී අමාත්‍යංශයේ පළමු මහල කෙටි වෙලාවකට අල්ලා ගත්හ.

යුක්රේන් නිලධාරීන් විසින් එය විග්‍රහ කරන ලද්දේ, ත්‍රස්තවාදී ක්‍රියාවක් හැටියටයි

යුක්රේනය පුරා නගරවල විරෝධතා ව්‍යාපාර ඇවිල යමින් තිබියදී අභ්‍යන්තර කටයුතු භාර ඇමති,විතලි ශක්රාචේන්කා කියා සිටියේ,අර්බුදය සාමකාමීව නිරාකරණය කර ගැනීමට ගත් උත්සාහය අසාර්ථක වූ බවයි.

විරෝධතාවාදීන් අවි ආයුධ එක්රැස් කරමින් සිටින බවට ඇමතිවරයා චෝදනා කළේය.

රෝහල් ආරංචි මාර්ග වලට අනුව තුවාල ලද ‘කීව්’ උද්ඝෝෂකයකු මරණයට පත් ව ඇති අතර, ඒ අනුව මෙවර විරෝධතා ව්‍යාපාර වලදී මරණයට පත් සංඛ්‍යාව තුන් දෙනකු බවට පත් වෙයි.

මේ අතර ප්‍රකාශයක් කරන යුක්රේන් විපක්ෂයේ නායකයකු මෙන්ම ලෝක බොක්ෂින් ශූරයකු වන විතලි ක්ලිට්ස්චිකෝ කියා සිටියේ පාලකයන් මානව හිමිකම් වලට ගරු කළ යුතුව ඇති බවයි.

ජනාධිපතිවරයා ඉවත්ව ගිය හොත් පමණක් විරෝධතා ව්‍යාපාර නතර කරන බවයි, යුක්රේන් විපක්ෂය කියා සිටින්නේ.