පාකිස්තාන හමුදා රථ පෙළකට බෝම්බ ප්‍රහාරයක්

ඡායාරූප මූලාශ්‍රය, AP
වයඹ දිග පකිස්තානයේ හමුදා රථ පෙළකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් හමුදා භටයන් විසි දෙනකුවත් මරුමුවට පත් වූ බව පොලිසිය පවසයි.
ප්‍රහාරයේදී තවත් තිහකට වැඩි පිරිසකට තුවාල සිදු විය.
හමුදා භටයන් පටවා ගත් රථයක් උතුරු වසිරිස්තානයේ හමුදා කඳවුරකින් පිටත්ව යාමට උත්සාහ කළ අවස්ථාවේයි, බෝම්බය පුපුරා ගොස් තිබෙන්නේ.
ප්‍රහාරයේ වගකීම පාකිස්තාන් තාලිබාන් ව්‍යාපාරය විසින් භාර ගනු ලැබ තිබේ.
හමුදා රථයේ අටවා තිබුණු බෝම්බයක් පුපුරා ගියේද, නො එසේනම් එයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වූයේද යන්න තවමත් පැහැදිලි නැති බව, හමුදා ප්‍රකාශකයෙක් සඳහන් කළේය.




