තායි මැතිවරණය කල් දැමීමට ඉල්ලයි

අපේක්ෂකයන් හට තිබෙන අවදානම බරපතල ලෙස ඉහළ ගොස් තිබෙන හෙයින් පෙබරවාරියට නියමිත මහ මැතිවරණය නො පවත්වන ලෙස තායිලන්ත මතිවරණ කොමිසම රජයෙන් ඉල්ලා තිබේ.
තායිලන්තයේ බැංකොක් අගනුවර වීදි බැස සිටින රාජ්‍ය විරෝධී <link type="page"><caption> උද්ඝෝෂකයන් සහ ආරක්ෂක හමුදා අතර ගැටුම්</caption><url href="www.bbc.co.uk/news/world-asia-25518430" platform="highweb"/></link> වලින් පොලිස් නිලධාරියකු මිය ගිය බව තායි බලධාරීහු පවසති.
මැතිවරණ අපේක්ෂකයන් ලියාපදිංචි කැරෙන ක්‍රීඩාංගණය ඉදිරිපිට දී ඉහත කී පොලිස් නිලධාරියාට වෙඩි උණ්ඩයක් වැදී ඇති බවයි තායි පොලිසිය කියා සිටියේ.
ඇති වූ ගැටුම් වල දී ගල් විසි කරමින් සිටි උද්ඝෝෂකයන් දෙසට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරණ ලදී.
ලබන පෙබරවාරියේ පැවැත්වීමට නියමිත මැතිවරණය දින නියමයක් නොමැතිව කල් දමන ලෙස තායි මැතිවරණ බලධාරීන් රජයෙන් මීට පෙර ඉල්ලීමක් කර තිබුණි.
මැතිවරණ ප්‍රචාරක කටයුතු පවත්වා ගෙන යා නො හැකි විලසින් ප්‍රචණ්ඩත්වයේ අවදානම පමණ ඉක්මවා ඉහල ගොස් ඇති බව තමා විශ්වාස කරන බවයි තායි මැතිවරණ කොමසාරිස්වරයා කියා සිටියේ.




