බ්‍රසීල ගුරුවරු වීදි බසිති

වැඩි වැටුප් ඉල්ලා වීදි බට බ්‍රසීල ගුරුවරුන්ගේ පෙළපාලිය ප්‍රචණ්ඩකාරී ගැටුම්වලින් නිමා විය.

රියෝ ද ජනේරෝ නුවර පෙළපාලිය මුලදී සාමකාමීව පැවතුනත් මුහුණු වසා ගත් තරුණ කණ්ඩායම් කඩා පැන රජයේ ගොඩනැගිලිවලට පහර දෙන්නට පටන් ගෙන තිබේ.

මීට සමගාමීව සාඕ පව්ලෝ නගරයේ පැවති උද්ඝෝෂණය ද නිමා වූයේ පොලිසිය සමඟ ගැටුම් ඇති කර ගැනීමෙන් අනතුරුව යි.

මෑතක දී බ්‍රසීලයේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ කිහිපයක් පැවති නමුත් මෙතරම් ප්‍රචණ්ඩකාරී නොවූ බවයි එහි සිටින බීබීසී වාර්තාකරු කියා සිටියේ.