ඕස්ට්‍රේලියාවේ ළමා අපචාර පැමිණිලි හාර දහසක්

ඕස්ට්‍රේලියාවේ සිදුවී ඇතැයි පැවසෙන ළමා ලිංගික අපචාර සම්බන්ධයෙන් ජාතික මට්ටමේ නඩු විභාගයක් ආරම්භ විය.
ළමා අපචාර වලට ගොදුරු කර ගනු ලැබුණ හාරදහසකට අධික පිරිසක් ඒ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කර ඇති බව ඕස්ට්‍රේලියානු බලධාරීහු පවසති.
ආගමික කණ්ඩායම්, රාජ්‍ය නොවන සංවිධාන සහ ළමා ආරක්ෂණය සඳහා පත් කර ඇති රජයේ ඇතැම් නිලධාරීන්ට එරෙහිවයි ළමා අපචාර චෝදනා ඉදිරිපත් ව තිබෙන්නේ.
ඕස්ට්‍රේලියානු බලධාරීන් මෙවැනි පියවරක් ගත්තේ ඇතැම් කතෝලික පූජකවරුන්ට එරෙහිව ද ළමා අපචාර සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් ව තිබිය දීයි .




