දියවැඩියාවෙන් බේරීමට බෙහෙත අළුත් පළතුරු

මහජනතාව ආහාර වේලට අලුත් පළතුරු එක්කර ගනු ලැබීම type-2 වර්ගයේ දියවැඩියාවට ගොදුරු වීමේ අනතුර අවම කර ගැනීමට හේතු වෙන බව නව සමීක්‍ෂණ වාර්තාවකින් පැවසෙයි.
ඇමෙරිකා එක්සත් ජනපදය,බ්‍රිතාන්‍යය සහ සිංගපූර් යන රටවල විද්‍යාඥයන් විසිනුයි, සමීක්ෂණය සිදුකර තිබෙන්නේ.
පුද්ගලයන් දෙදාහකට ආසන්න පිරිසක් යොදා ගනිමින්, අවුරුදු විසිපහක පමණ කාලයක් තිස්සේ සිදු කරනු ලැබ ඇති සමීක්‍ෂණයේදී හෙළි වී තිබෙන්නේ, විශේෂයෙන්ම ,බ්ලූ බෙරි,මිදි සහ ඇපල් වැනි අළුත් පළතුරු වැඩි වශයෙන් බුදින්නන් දියවැඩියාවට ගොදුරු වීමට ඇති ප්‍රවණතාව හතරෙන් එකකින් පමණ අඩු වෙන බවයි.
එහෙත් ස්ට්‍රෝබෙරි සහ කොමඩු වැනි වෙනත් ඇතැම් පළතුරු වර්ග අනුභවය දියවැඩියාවෙන් බේරීමට ලොකු උදව්වක් නොවන බවත් තම ගවේශනයේදී හෙළි වූ බවයි සමීක්ෂකයන් පවසන්නේ.
සමීක්ෂකයන් තව දුරටත් කියා සිටින්නේ,පළතුරු යුෂ බීම type-2 දියවැඩියාවට ගොදුරු වීමේ ඉඩකඩ වැඩි කරන බවයි.




