සෞදි අරාබිය ගෘහස්ත වධ හිංසාව තහනම් කරයි

සෞදි අරාබිය ගෘහස්ථ වධ හිංසා තහනම් කෙරෙන නීති පැනවීමට පියවර ගෙන ඇත.
සෞදි අරාබිය එවැනි පියවරක් ගත් පළමු අවස්ථාව මෙයයි.
එහෙත් එය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් මානව හිමිකම් ක්‍රියාධරයන් සැක පළ කොට තිබේ.
සෞදි කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලද නව නීතිය අනුව වැරදි කරනු ලබන පුද්ගලයන් වසරක සිර දඬුවමකට හා ඩොලර් දහ තුන් දහසක දඩයකට යටත් කළ හැකි බවයි පැවසෙන්නේ.
සෞදි අරාබියේ මෙතෙක් බල පැවැත්වුන පිළිගැනීම වුනේ, ගෘහස්ථ හිංසනය පෞද්ගලික කාරණයක් වන බවයි.




