ශ්‍රී ලංකාවේ යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාවට චෝදනා.

එක්සත් ජාතීන්ගේ වගකීම් ක්‍රියාත්මක නොවීම සහ ජාත්‍යන්තර හඬක් නොනැගීම නිසා ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසාන අදියරේදී දස දහස් සංඛ්‍යාත දමිල ජන ජීවිත විනාශයක් සිදු විනැයි ඇමෙරිකානු හිටපු රාජ්‍ය ලේකම් මැඩලීන් කේ. ඕල්බ්‍රයිට් ගේ සභාපතිත්වයෙන් යුක්ත කමිටු වාර්තාවකින් පෙන්වා දෙයි.
R2P යනුවෙන් හැඳින්වෙන එම කමිටු වාර්තාව ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසාන අදියරේදී ජාත්‍යන්තර සමාජයේ හැසිරීම දෝෂ දර්ශනයට ලක් කරමින් කියා සිටින්නේ,එම අවස්ථාවේ සාමාන්‍ය ජනතාව ඉතාම බිහිසුණු පීඩාවකට ලක් වූ බවයි.
තවදුරටත් කරුණු දක්වන එම වාර්තාව,ප්‍රදේශයෙන් බැහැර වීම සම්බන්ධයෙන් යුද හමුදාවෙන් එල්ල කෙරුණ තහංචි සහ කොටි සංවිධානයේ තර්ජන නිසා දමිල සාමාන්‍ය ජනතාවට යුද කලාපයෙන් බැහැර වීමට ඉඩක් නොලැබුන බවත් කියා සිටියි.
R2P කමිටුව ජන සංහාර,යුද අපරාධ, මානව වර්ගයාට එරෙහි අපරාධ ,ජනවාර්ගික ශුද්ධය ආදී අපරාධ නතර කිරීම වෙනුවන් ක්‍රියාත්මක වෙන සංවිධානයක්.




