තාලිබාන් -ඇමෙරිකානු සෘජු සාකච්ඡා 'ළඟදීම'

Taliban office in Doha
ඡායාරූප ශීර්ෂ වැකිය, ඇෆ්ඝන් කැරලිකරුවන්ගේ ප්‍රථම නිල විදේශීය කාර්යාලය පිහිටවීමට නියමිත කටාර් දේශයේ දී මෙම හමුව සිදුවීමට නියමිතයි

මීළඟ දින කිහිපය තුළ තාලිබාන් නායකත්වය සමඟ මුහුණට මුහුණලා සාම සාකච්ඡා ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර තිබෙන බව ධවල මන්දිරය ප්‍රකාශ කළේය.

ඇෆ්ඝන් කැරලිකරුවන්ගේ ප්‍රථම නිල විදේශීය කාර්යාලය පිහිටවීමට නියමිත කටාර් දේශයේ දී මෙම හමුව සිදුවීමට නියමිතයි

තාලිබාන් නායකත්වය හමුව සාකච්ඡා ආරම්භ කිරීමේ පරමාර්ථයෙන්, කටාර් වෙත නියෝජිත පිරිසක් පිටත් කර හරින බව ඇෆ්ඝන් ජනාධිපති හමීඩ් කර්සායි මෙයට පෙර කළ සඳහන් කොට තිබිණ.

එහෙත් මෙයට පෙර වතාවන්හිදී ජනාධිපති කර්සායි ඉදිරිපත් කළ නියෝජිතයින් හමුවීම කැරලිකරුවන් ප්‍රතික්ෂේප කළේ ජනාධිපතිවරයා ඇමෙරිකානු රූකඩයක් බව පවසමින්.