මිනිස් ජානවලට පේටන්ට් දිය යුතුද සම්බන්ධ නඩු විභාගයක්

මිනිස් ජාන සඳහා පේටන්ට් බලපත් ලබා දිය යුතුද, නැද්ද යන්න තීන්දු කෙරෙන නඩු විභාගයක් ඇමෙරිකානු ශ්‍රේෂ්ටාධිකරණය ඉදිරියේ ආරම්භ විය.
මෙම නඩු විභාගයේ තීන්දුව මගින් වෛද්‍ය පර්යේෂණ සහ ජෛව තාක්ෂණික නිෂ්පාදන කෙරෙහි පුළුල් බලපෑමක් ඇති ඇති අපේක්ෂිතයි.
මිනිස් ජාන සඳහා පේටන්ට් බලපත් නිකුත් කිරීම ආරම්භ වී අවුරුදු තිහකට ආසන්නයි.
එහෙත් වෙළෙඳ සමාගම්වලට එවැනි අවසරයක් දෙනු ලැබීමෙන් වෛද්‍ය පර්යේෂණ මන්දගාමී වන බවයි, එයට එරෙහිවන්නන් පෙන්වා දෙන්නේ.
සොබාදහමේ නිර්මාණයක් වන DNA සඳහා, Myriad Genetics ඇමෙරිකානු සමාගමට පේටන්ට් අයිතිය පැවරීම සම්බන්ධයෙන් ද එයට එරෙහිවන්නන් විරෝධය පළ කර තිබේ.
පේටන්ට් බලපත් නොමැති වීනම් සිය පර්යේෂණ සාර්ථක නොවීමට ඉඩ තිබුන බව, කාන්තාවන් වැඩි වශයෙන් ගොදුරුවිය හැක්කේ පියයුරු පිළිකා වලටද නැත්නම් ගැබ්ගෙල පිළිකා වලටද යන්න සම්බන්ධයෙන් පිරික්සීමෙහි ලා පුරෝගාමී වූ Myriad Genetics සමාගම පවසයි.




