වැඩ වර්ජනයකින් නේපාලයේ ප්‍රවාහන සේවා අඩාලයි

ඡායාරූප මූලාශ්‍රය, JitendraRaut
ප්‍රවාහන අංශයේ හාම්පුතුන් විසින්, දින නියමයක් නැතිව දියත් කර ඇති මහා වැඩ වර්ජනය නිසා කත්මන්ඩු අගනුවර කටයුතු අඩාල වී තිබේ.
බස් සහ කුලී රථ ධාවනයෙන් ඉවත් කොට තිබුන අතර, රට පුරාම මගී ප්‍රවාහන කටයුතු වලට වර්ජනය බලපෑ බවයි වාර්තා වන්නේ.
මගී ගාස්තු සහ පොලිස් රථ වාහන අංශය විසින් සිදු කරනු ලබන දූෂණ ආදියට අදාළ තම ඉල්ලීම් ඉටු කරන තෙක්, වැඩ වර්ජනය පෙරට ගෙන යන බවයි, නේපාලයේ ප්‍රවාහන හිමියන්ගේ සන්ධානය සහ වෘත්තීය සමිති කියා සිටින්නේ.
මේ සම්බන්ධයෙන් නේපාල් ආණ්ඩුව සහ ප්‍රවාහන අංශයේ හාම්පුතුන් අතර ඊයේ පැවති සාකච්ඡා සාර්ථක වී නැත. ආරාවුල නිරාකරණය කර ගැනීමේ සාකච්ඡා සිකුරාදාත් පැවැත්විණි.




