බංගලාදේශ ජනතාවට අන්තර් ජාලය ඔස්සේ බදු ගෙවීමට අවස්ථාවක්

ඡායාරූප මූලාශ්‍රය, AFP
අන්තර්ජාලය ඔස්සේ බදු ගෙවීමේ පහසුකම් හඳුන්වා දීමට බංග්ලාදේශය පියවර ගෙන තිබේ.
මෙය බංගලාදේශය එවැනි වැඩ පිළිවෙලකට යන පළමු අවස්ථාවයි.
එහි සමාරම්භක වැඩ සටහන අගමැතිනි ෂේක් හසීනා ගේ ප්‍රධානත්වයෙන් සිදු වූ බවයි ඩකා අගනුවරින් ලැබෙන වාර්තා වලින් පැවසෙන්නේ.
අන්තර්ජාල බදු ගෙවීමේ පහසුකම් නිසා මහජනතාව බදු ගෙවීම සඳහා වැඩි වශයෙන් යොමු වනු ඇතැයි බංගලාදේශ ආණ්ඩුව බලාපොරොත්තු වේ.
දැනට පවතින ඇස්තමේන්තු කිරීම් අනුව, කෝටි දාහතරකටත් අධික බංගලාදේශ ජනගහනයෙන්, රජයට වාර්ෂික බදු ගෙවන්නේ දශ ලක්ෂයක් තරම් කුඩා පිරිසක් පමණි.
නිලධාරීවාදය , දුෂිත නිලධාරීන්ගේ හිරිහැර ආදිය හේතුවෙන් බොහෝ දෙනෙක් බදු ගෙවීමෙන් ඈත්ව සිටින අතර ,අන්තර්ජාලය මගින් බදු ගෙවීමේ වැඩ පිළිවෙලේ ඉලක්කය, අදාළ ක්‍රියාවලිය පහසු කිරීම සහ වඩාත් විනිවිද පෙනෙන සුළු තත්වයක් ඇති කිරීමය යන්න විශ්ලේෂකයන්ගේ අදහසයි.




