'ඒක කැත සෙල්ලමක්,' හැරී කුමරු නව Netflix පූර්ව ප්‍රචාරක පටයේ පවසයි

Harry in trailer

ඡායාරූප මූලාශ්‍රය, Netflix

Netflix ඔස්සේ විකාශය කෙරෙන 'Harry and Meghan' කතා මාලාවේ පූර්ව ප්‍රචාරක පටයක් හරහා, "කැත සෙල්ලමක" කොටසක් ලෙස සිදුවන "පෞද්ගලික තොරතුරු හෙළි කිරීම සහ... කතා ගෙතීමක්" පිළිබඳව හැරී කුමරු කතා කරයි.

ඔහුගේ බිරිඳ මේගන් හා මව වන ඩයනා කුමරිය පිළිබඳ ඉඟි කරමින්, "රාජකීය පවුල සමග විවාහ වන කාන්තාවන්ට අත්විඳීමට සිදුවන වේදනාව සහ විඳවීම" ද, රාජකීය පවුල තුළ ඔවුන්ගේ අත්දැකීම ද ඔහු විස්තර කරයි.

රාජකීයයන් සහ ජාතිය පිළිබඳ ප්‍රශ්නය ගොඩනැගෙන්නේ, විචාරකයෙකු සිදු කළ, "එය වෛරය ගැන ය. එය ජාතිය ගැන ය," යන ප්‍රකාශයත් සමග ය.

කොටස් 6කින් යුක්ත කතා මාලාව බ්‍රහස්පතින්දා (අද) සිට විකාශය කිරීම ආරම්භ වේ.

රාජකීය පවුල සමග සාමදාන වීමේ කිසිදු සලකුණක් නොපෙන්වන දැඩි අදහස් මාලාවක් සසෙක්ස්හි ආදිපාදවරයා සහ ආදිපාදවරියගේ නව පූර්ව ප්‍රචාරක පටයෙන් අනාවරණය වෙයි.

ඒ වෙනුවට ඇත්තේ, "අනෙක් පුද්ගලයින්ගේ න්‍යායපත්‍රවලට ගැලපෙන ලෙස මේගන්ට එරෙහිව පැවති සංග්‍රාමයක්" පිළිබඳ ප්‍රකාශයකි.

Harry and Meghan

ඡායාරූප මූලාශ්‍රය, Netflix

ඡායාරූප ශීර්ෂ වැකිය, Kiss and tell: මෙම Netflix කතා මාලාව රාජකීය යුවළගේ සබඳතාවයේ අභ්‍යන්තරය ගෙන එන බවට පොරොන්දු වේ

"පවුලේ ධූරාවලියක් තියෙනවා. ඔබ දන්නවා පෞද්ගලික තොරතුරු 'ලීක්' කරන බව, නමුත් ඒ වගේම කතා ගෙතීමත් සිදුවෙනවා," බකිංහැම් මාලිගයේ බැල්කනියේ ඇති ජ්‍යෙෂ්ඨ රාජකීයයන්ගේ රූපයක් අළලා හැරී කුමරු පවසයි.

තවදුරටත් "ක්‍රියාකාරී රාජකීයයන්" නොවන හැරී කුමරුට සහ මේගන්ට, දිවංගත එළිසබෙත් රැජිණගේ ප්ලැටිනම් ජුබිලිය වෙනුවෙන් එම සංකේතාත්මක බැල්කනියට යාමට අවසර නොලැබිණි.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

මීට පෙර නිකුත් වුණු පූර්ව ප්‍රචාරක පටයක් සඳහා හැඟීම් විරහිත මුහුණකින් සිටින වේල්ස් කුමරිය වන කැතරින්ගේ පින්තූරයක් තෝරාගැනීම පිළිබඳව පසුගිය සතියේ කතාබහට ලක්වූ අතර, මෙම නවතම පූර්ව ප්‍රචාරක පටයේ ද රජුගේ මෙහෙසිය වන කැමිලා, වෙසෙක්ස්හි සිටුවරිය වන සොෆී සමගින් ඇගේ දැඩි බව පිළිබිඹු වන තවත් පින්තූරයක් අනතර්ගත වේ.

මෙම කතා මාලාව කාණ්ඩ දෙකක් යටතේ කතාංග තුන බැගින් නිකුත් කිරීමට නියමිත අතර, පළමු කොටස දෙසැම්බර් 8 වන දා උදෑසන 8.00ට සහ අනෙක් කොටස දෙසැම්බර් 15 වන දා නිකුත් වෙයි.

මෙම නවතම පූර්ව ප්‍රචාරක පටය හැරී කුමරු සහ මේගන්ට සෙසු රාජකීයයන්, මාධ්‍ය සහ ජනතාව සමග පැවති එතරම් පහසු නොවන සම්බන්ධය (යුවළ එක්සත් ජනපදයට යාමෙන් එය අවසන්විය) හා අවස්ථා පිළිබඳ වේගවත් දර්ශන කිහිපයක් පෙන්වයි.

එය ආරම්භ වන්නේ "රාජකීය සුපිරි තරුවක්" ලෙස මේගන් ජනතාවගෙන් ලබන උණුසුම් පිළිගැනීමක් සමග ය.

නමුත් ඒ "සියල්ල වෙනස් වුණු" බව, හැරී කුමරු පෞද්ගලික තොරතුරු හෙළි කිරීම සහ කතා ගෙතීම ගැන කළ ප්‍රකාශයත් සමග එම පූර්ව ප්‍රචාරක පටයෙන් හැඟවෙයි. සමාජ මාධ්‍යවල සාවද්‍ය තොරතුරු මැඩලීමේ විශේෂඥ සමාගමක් ආරම්භ කළ ක්‍රිස්ටෝෆර් බෞසි, පූර්ව ප්‍රචාරක පටයේ පෙනී සිටිමින් මෙසේ පවසයි: "එය වෛරය ගැන ය. එය ජාතිය ගැන ය."

මේගන්ගේ ආධාරකරු වූ බෞසි, ඇයට එරෙහිව ඔන්ලයින් මඟින් සිදුවන ප්‍රහාර ගැන අනතුරු අඟවා තිබිණි.

Harry and Meghan

ඡායාරූප මූලාශ්‍රය, Netflix

ඡායාරූප ශීර්ෂ වැකිය, Netflix කතා මාලාවෙන් පසුව හැරී කුමරුගේ චරිතාපදානය ප්‍රකාශයට පත් කෙරෙනු ඇත

අදාළ පූර්ව ප්‍රචාරක පටය, ඩයනා කුමරියට මාධ්‍යයෙන් එල්ල වුණු දැඩි අවධානය දැක්වෙන පින්තූර ද භාවිත කරමින් ඇය මුහුණ දුන් පීඩනය සමග මේගන්ගේ අත්දැකීම සම්බන්ධ කරනුයේ, "මම තේරුම් ගත්තා, ඔවුන් කවදාවත් ඔබව ආරක්ෂා නොකරන බව," යන මේගන්ගේ ප්‍රකාශය තුළිනි.

"අපි සම්පූර්ණ සත්‍යය දන්නවා," හැරී කුමරු අවසානයේ පවසන අතර, එය වයස අවුරුදු 15 සිට ඉහළ ප්‍රේක්ෂකයින්ට නැරඹිය හැකි කතා මාලාවක් ලෙස හඳුන්වා දෙන්නේ "වෙනස්කොට සැලකීමේ" සිදුවීම් අන්තර්ගත බවට Netflix කරන අනතුරු ඇඟවීමත් සමග ය.

නමුත් සසෙක්ස්හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය සම්බන්ධ නොවන සිදුවීම්වල ඇතැම් පින්තූරත් සමග පූර්ව ප්‍රචාරක පටයේ දැක්වෙන ඇතැම් දර්ශන පිළිබඳව සමාජ මාධ්‍ය තුළ ප්‍රශ්න කර තිබේ.

කෙටි කාලයක් දර්ශනය කෙරෙන, ඡායාරූප ගැනීමට යුහුසුළුව සිටින ඡායාරූප ශිල්පීන්ගේ පින්තූරයක්, යුවළ සම්බන්ධ දෙයක් නොව ක්‍රෝලි මහේස්ත්‍රාත් අධිකරණය අසල රූගතකර ඇති යමක් බවට ට්විටර්හි සඳහන් වී තිබිණි. ඒ පිළිබඳව Netflix වෙතින් අදහස් විමසා ඇත.

Crawley magistrates
ඡායාරූප ශීර්ෂ වැකිය, ක්‍රෝලි මහේස්ත්‍රාත් අධිකරණය අසල සිටින ඡායාරූප ශිල්පීන් බීබීසී කැමරාවෙන්
Crawley magistrates
ඡායාරූප ශීර්ෂ වැකිය, පසුගිය වසරේ කළ රූගත කිරීමක ආරක්ෂක නිලධාරියෙකු අධිකරණයෙන් පිටත සිටින අයුරු
Harry and Meghan series

ඡායාරූප මූලාශ්‍රය, Netflix

ඡායාරූප ශීර්ෂ වැකිය, ඡායාරූප ගැනීම සඳහා ඡායාරූප ශිලිපීන් යුහුසුළුව කටයුතු කරන අයුරු Netflix කතා මාලාවේ දර්ශනයක පෙන්වයි

සසෙක්ස්හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය සිදුකිරීමට යන ඉදිරි හෙළිදරව් ගැන සඳහන් නවතම පූර්ව ප්‍රචාරක පටයට බකිංහැම් මාලිගය නිල වශයෙන් ප්‍රතිචාර දක්වා නැත.

එහෙත්, තමාට කුමන ආකාරයේ චෝදනා එල්ලවිය හැකි ද, සහ හැරී සහ මේගන් කතා මාලාව අනෙකුත් රාජකීයයන්ගේ උත්සහයන් පුස්සක් බවට පත්කරනු ඇති ද යන්න පිළිබඳව ඔවුන් සැලකිලිමත්වීමට ඉඩ ඇත.

නත්තලට පෙර විකාශය කෙරෙන මෙම කතා මාලාවෙන් පසුව නව වසරේ හැරී කුමරුගේ චරිතාපදානය ප්‍රකාශයට පත්කිරීම ද සිදුවනු ඇත.

පසුගිය සතියේ Netlix කතා මාලාවේ පූර්ව ප්‍රචාරක පටයක් නිකුත් කර තිබුණේ, හැරී කුමරුගේ සොහොයුරා වන වේල්ස් කුමරු Earthshot පරිසර ත්‍යාගය පිරිනැමීමට එක්සත් ජනපදයට පැමිණ සිටි අවස්ථාවේ දී ම ය.

2020 වසරේ දී හැරී කුමරු සහ මේගන් රාජකීය රාජකාරිවලින් ඉවත්වූයේ ඇයි ද යන්න ගැන මෙතෙක් හෙළිනොවූ කරුණු කතා මාලාව තුළින් ගෙන එන බවට පොරොන්දු වන අතර, එක්සත් ජනපදයේ ඕප්රා වින්ෆ්‍රි සමග සිදු කළ සම්මුඛ සාකච්ඡාවක දී ඉස්මතු වුණු ප්‍රශ්න පිළිබඳව වැඩි යමක් මෙමඟින් ප්‍රකාශ කරන්නේදැ යි ප්‍රේක්ෂකයින් අපේක්ෂාවෙන් සිටිනු ඇත.

රාජකීය පවුල තුළ ගත කරන ලද හුදෙකලා ජීවිතය පිළිබඳව මේගන් විස්තරකර තිබුණු අතර සහයෝගය නොලැබීම පිළිබඳව ද අවලාද නගා තිබිණි.

නම සඳහන් නොකළ පවුලේ සාමාජිකයෙකු ඔවුන්ගේ පුත් ආචීගේ සම "කොතරම් කළු" විය හැකිදැ යි ඇසූ බව ද ඇය ප්‍රකාශ කර තිබිණි.

බකිංහැම් මාලිගයේ දී කළු බ්‍රිතාන්‍ය අමුත්තෙකුට දක්වන ලද ප්‍රතිචාර හේතුවෙන් ඇති වූ ජාතිවාදී ගැටුමක පසුතලයකට එරෙහිව, ඉදිරියේ දී පැමිණීමට නියමිත වාර්තා චිත්‍රපටයේ මෙම පූර්ව ප්‍රචාරක පටය පැමිණෙයි.

සිස්ට ස්පේස් නම් පුණ්‍යායතනයේ නිර්මාතෘ එන්ගෝසි ෆුලානි, "ඇත්ත වශයෙන්ම" තමන් පැමිණියේ කොහෙන්දැ යි උත්සවයක දී තමාගෙන් නැවත නැවතත් විමසූ ආකාරය විස්තර කිරීමෙන් පසු විලියම් කුමරුගේ කැපකාර මෑණියන් වන සූසන් හසී ආර්යාව පසුගිය සතියේ ඇගේ ගෞරවනීය මාළිගා රාජකාරිවලින් ඉවත්වූවා ය.

"අපේ සමාජයේ ජාතිවාදයට ඉඩක් නැත" යනුවෙන් ඊට ප්‍රතිචාර දක්වමින් විලියම් කුමරුගේ ප්‍රකාශකයෙක් පැවසීය.