මුස්ලිම් ලෝකය පුරා ප්‍රංශ නිෂ්පාදන වර්ජන රැල්ලක් -''ඇයි අපි ප්‍රංශ නිෂ්පාදන ප්‍රතික්ෂේප කරන්නේ ?

ඡායාරූප මූලාශ්‍රය, Arshad Tareen/Merve Ozdemir/Hiba Mohamed
තුර්කියේ පටන් බංග්ලාදේශය දක්වාත්,ජෝර්දානයේ පටන් මැලේසියාව දක්වාත් ප්‍රංශ නිෂ්පාදන වර්ජනය කරන ලෙස ඉල්ලා සිටිමින් දැවැන්ත මහජන රැළි පැතිරයමින් පවතී.
''ප්‍රංශයේ නිෂ්පාදනය කරන ලදී'' යන දැන්වීම ඇතුළත් කිසිදු භාණ්ඩයක් එවැනි බොහෝ රටවල වෙළෙඳසල්වල රාක්කවලින් අතුරුදහන්ව ගියේය.''BoycottFrenchProducts'' වැනි හෑෂ්ටෑග් සහිත ප්‍රකාශන සමාජමාධ්‍ය ජාලයේ සතියක් ඇතුළත හුවමාරු වෙමින් තිබුණේ ලක්ෂ ගණනිනි.
මෙවර කතන්දරය ආරම්භවන්නේ ප්‍රංශ පාසල් ගුරුවරයකු සිය ශිෂ්‍යයන් ඉදිරියේ කරන ලද ප්‍රකාශයක් සමඟය. මොහොමඩ් නබිතුමාගේ රුව යයි පැවසෙන කාටූන් සිතුවම් නිර්මාණය කරනු ලැබීම ''අදහස් ප්‍රකාශනයේ අයිතියක් ලෙස එම ගුරුවරයා විසින් හඳුන්වනු ලැබ ඇති අතර, මෙහි මුලින් කී මුස්ලිම් විරෝධයට මුල්වූ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් ගේ ප්‍රකාශය සිදු කෙරුණේ ඉන් අනතුරුවය.
''ගුරුවරයා මරාදමනු ලැබ තිබෙන්නේ ඉස්ලාම් භක්තිකයන්ට අපේ අනාගතය පාලනයට අවශ්‍ය නිසා. ඒත් අපි කාටූන් ශිල්පය අත් හරින්නේ නැහැ'' ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණි.
නබිනායකතුමාගේ කාටූන් ඇඳීම අනුමත කළ ගුරුවරයා මරාදමනු ලැබ තිබුනේ ගෙල සිඳ ලෑමෙනි.
පාසල් ගුරුවරයා ඔහුගේ ප්‍රකාශය කර තිබුණේ 2006 වසරේ දී 'චාර්ලී හෙබ්ඩෝ' (Charlie Hebdo) නම් ප්‍රංශ සඟරාවේ පළකරනු ලැබ තිබුණ කාටූන් විශේෂයක් ගැන අදහස් දක්වමිනි. එදා එවැනි කාටූන් පළවීම සමස්ත මුස්ලිම් ලෝකයේ ම විරෝධයට මුල්විය. ඉස්ලාම් බැතිමතුන්ට අනුව නබිතුමාගේ රුව අලේඛ්‍ය කිරීම වරදකි.
පාසල් ගුරුවරයා මරාදමනු ලැබීමෙන් පසු අදහස් දැක්වූ ප්‍රංශ ජනාධිපතිවරයා ''තම රට තුළ අගය කෙරෙන නිදහස් අදහස් ප්‍රකාශනයේ නිදහස අගය කරමින් රටේ බල පැවැත්වෙන අනාගමිකවාදී දර්ශනය යුක්ති සහගත කළේය. මේ අතර දකුණු ප්‍රංශයේ 'නීස්' නගරයේ දේවස්ථානයේ දී තිදෙනෙකු මරාදමන ලද අවස්ථාවේ ප්‍රකාශයක් කළ ජනාධිපති මැක්‍රෝන් එය විග්‍රහ කරන ලද්දේ ''ඉස්ලාමීය ත්‍රස්ත ප්‍රහාරයක්'' ලෙසිනි.
එම 'නීස්' ප්‍රහාරයට පෙර බීබීසී සේවය විසින් තිදෙනෙකුගේ අදහස් විමසන ලද අවස්ථාවේ ඔවුන් කියා සිටියේ ''තමන් ප්‍රංශ භාණ්ඩ වර්ජනය කිරීමට තීන්දුකර '' ඇති බවය.
මේ අතර ජනාධිපති මැක්‍රෝන් මුස්ලිම් ලෝකයේ වෛරයට පාත්‍රවෙමින් ඇති අතර පසුගිය සතියේ බදාදා බංග්ලාදේශයේ දියත්වෙමින් තිබූ ප්‍රංශ භාණ්ඩ විරෝධී උද්ඝෝෂණ ව්‍යාපාර සඳහා මහජනයා වීදිබැස සිටියේ දසදහස් ගණන්වලිනි .
මිෂි ඛාන් - පාකිස්තාන් සිනමා නිලියක්

ඡායාරූප මූලාශ්‍රය, Arshad Tareen
''මම ප්‍රංශ සුවඳ විලවුන් පාවිච්චි කළා. විශේෂයෙන් ම ' L'Oréal' නිෂ්පාදන. ඒවා ඉතාම පහසුවෙන් පාකිස්තානයෙන් මිලට ගන්න තියෙනව. ඒත් දැන් මම මිලට ගන්න හැම භාන්ඩයක් ම නිෂ්පාදනය කරලා තියෙන්නේ කොහෙද? කියල සැලකිලිමත් වෙනවා. මම ලේබල් පරීක්ෂා කරලා බලනවා. මම මිලදී ගන්න භාණ්ඩ ''ප්‍රංශයේ නිෂ්පාදනය කරලා නැති බව'' මට සහතික කරගන්න අවශ්‍යයි''
මම සමාජමාධ්‍ය ජාලය යොදාගෙන ප්‍රංශ භාණ්ඩ වර්ජනය කිරීමේ මතවාදය ගෙන යමින් ඉන්නේ. මගේ හෘදය සාක්ෂිය පැහැදිලියි. මම නිරතවෙලා ඉන්නේ ඉස්ලාම් ධර්මය රැකගැනීමේ ප්‍රයත්නයක.
''අපේ ආගමේ සහ නබිතුමාගේ සතුට සඳහා ප්‍රමාණවත් ජනතාවක් අපට ඉන්නවා. ඇති කියන්නේ ඇති! ඉස්ලාම් දහමට අවමන් කරපු අයට අපි සමාව දෙනවා. නමුත් දැන් අපි ක්‍රියාමාර්ගයක් ගත යුතුව තියෙනව''
"මට හිතෙන හැටියට මැක්‍රෝන් සිතාමතාම අපට රිදවීමට උත්සාහ කරනවා. ඒක හරියට කවුරුන්හරි කොනිත්තල - ඒයි උඹට වේදනාවක් හෙම දැනෙනවද? කියල අහනවා වගෙයි."
''ඔහු ජනතාව කුපිත කරනව -බෙදනවා''
"ඔහු දුෂ්ටයි.ඔහුගේ ප්‍රකාශය මගින් ඉස්ලාම්භීතිකාවක් අවුස්සන්න පුළුවන්.රටක ජනාධිපතිකෙනෙක් කියන කතාවක් ඔහුගේ ජනතාව මත බලපෑමක් ඇතිකරනවා."
"'Charlie Hebdo' කාටූන් දැක්ක පළමු දවසේ මට කතාකරගන්න බැරි වුණා. මම ඒවා දෙස බැලීමෙන් වැළකුණා. එම දර්ශනය මට කම්පාවක්. මම ඇඬුවා.මම දෙවියන්ගෙන් ඇහුවා - මට ඒ වගේ දර්ශනයක් දකින්න සැලැස්සුවේ කුමක් නිසාද? කියල''

ලතීෆා ඔෂ්ඩීමෙර්- ශිෂ්‍යාවක් (ඉස්තාන්බුල් -තුර්කිය)

ඡායාරූප මූලාශ්‍රය, Merve Ozdemir
"Lancôme, Garnier සහ BIC මම දිනපතාම පාවිච්චියට ගන්නා විලවුන් වර්ගයි. ඒත් ප්‍රංශයේ සිදුවීම්වලින් පස්සේ මම ඒවා තවත් මිලදී ගන්නේ නැහැ.
"මම ප්‍රංශ නිෂ්පාදන වර්ජනය කරනවා.මොකද? අපි ඒවා පිළිනොගන්නා බවට ලෝකයට පණිවුඩයක් දෙන්න අවශ්‍යයි. ප්‍රංශයේ පවතින ''ඉස්ලාම්භීතිකාවට'' එරෙහිව හඬක් නගන්න මට අවශ්‍ය කරනවා''
අපි අපේ මුස්ලිම් ජනතාව වෙනුවෙන් හඬක් නැගීම වැදගත්. මොකද ?අපි ගොඩාක් කාලයක් නිහඬවයි සිටියේ. දැනට අපට කරන්න පුළුවන් වෙන්නේ ප්‍රංශ භාණ්ඩ වර්ජනය කිරීම විතරයි."
Charlie Hebdo සඟරාවේ මුල්පිටුවේ පළකරනු ලැබ තිබූ තවත් ප්‍රකෝපකාරී කාටූනයකට තුර්කි ජනාධිපති රිසෙප් ටයියිප් එර්ඩොගන් (Recep Tayyip Erdogan) ඉලක්ක කරගෙන තිබුණි. යටිකයෙහි කලිසමක් ද නැතිව, ටී ෂර්ටයක් පමණක් හැඳ බීර කෑනයක් පානය කරමින් සිටින අතරවාරයේ ජනාධිපති එර්ඩොගන් හිජාබයකින් සැරසී සිටි මුස්ලිම් කාන්තාවකගේ සාය (skirt ) ඔසවන ආකාරය එම කාටූනයට ඇතුළත් විය.
මුස්ලිම් කාන්තාවක් ඇතුළත් කරගනිමින් කර තිබූ එම නිර්මාණය හිජාබය භාවිත කරන ඕනෑම කෙනෙකුට බලවත් වේදනාවක් ඇතිකරනු ඇත.
"මම වගේ මුස්ලිම් කාන්තාවන් ඉස්ලාම් ධර්මයේ ශුභවාදී පැත්ත නියෝජනය කිරීමට හැමදාමත් සටන් කරනවා.
නමුත් මේ කාටූන් මගින් පෙන්නුම් කෙරෙන්නේ මුස්ලිම් නොවන අපේ ගැහැණුන් යුරෝපය සමාන මට්ටමින් සලකන්නේ නැති බවයි. ඒක හරිම වේදනාවක්."
"මේවගේ කාටූන් ඇඳීමෙන් හැමදාමත් සිද්ධවෙන්නේ ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක්. මට පුදුම මේකද - අපට අවශ්‍ය කරන්නේ කියන එකයි. නිදහස් අදහස් ප්‍රකාශනයේ අයිතියේ නාමයෙන් එකිනෙකාට වෛර කරගන්නවා.එක අනුන්ට හිංසාකරන වචනයක් බවට පත්වෙලා''

හිබා මොහොමඩ් මෞසා -ශිෂ්‍යාවක් (මොරිටානියා)

ඡායාරූප මූලාශ්‍රය, Hiba Mohamed Moussa
"ප්‍රංශයේ සිදුවූ දේවල්වලට විරුද්ධව ගෙනගිය විරෝධතා ව්‍යාපාරවලට මමත් මගේ පවුලේ සාමාජිකයන් සමඟ හවුල් වුණා.
"ප්‍රංශයේ ආර්ථකය අඩාල කිරීමේ උපායක් වශයෙන් අපි ඔවුන්ගේ නිෂ්පාදන මිලට ගැනීම වර්ජනය කරනවා. වෛරී ප්‍රකාශනයක් කරමින් සිදුකළ වරද සම්බන්ධයෙන් ජනාධිපති මැක්‍රෝන් කෝටි දෙසීයක් පමණ වූ මුස්ලිම් ජනයාගෙන් සමාව ඉල්ලන්න ඕන."
"ප්‍රංශයේ නිෂ්පාදනයක් වන 'The Laughing Cow' වෙළෙඳ නාමය සහිත කේජු වෙනුවට අපි තුර්කි නිෂ්පාදන පරිභෝජනය කරනවා. මට තියෙනව ප්‍රංශයේ නිපදවන 'Lacoste' විලවුන් බෝතලයක්. ඒක ඉවරවුනාම මම ආයෙත් ප්‍රංශ නිෂ්පාදනයක් මිලට ගන්නේ නැහැ."
"ඔහු සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව ඉල්ලන්න කියල මම ජනාධිපති මැක්‍රෝන්ට ලිපියක් යැව්වා. මම ඒ ලිපියෙන් අහල තියෙනව , එයාගේ රටේ ගුරුවරයා ගරු කළයුතු කෙනෙක් නම්, අනාගත වක්තෘවරුන් කවුරුන්ද? කියල. ඔවුනුත් ගුරුවරුන් නේද?"
"අපි වැඩියෙන්ම කෝපයට පත්වීමට හේතුවුණේ මැක්‍රෝන්ගේ 'ඉස්ලාම්භීතිකා' කතාවේදී ඔහු ඉස්ලාම් ධර්මය ම්ලේච්ඡත්වය සමඟ සම්බන්ධ කිරීම. ඒක අසාධාරණයි. එය අපට දරාගන්න බැරි, ඒ නිසාම කුපිතකාරී තත්ත්වයක් ඇතිකරන කතාවක්.
"ප්‍රංශය වගේ රටක ජනාධිපතිවරයෙක් ඒවගේ කතාවක් කිරීමෙන් ඔහු විශේෂ ජනකොටසකට නින්දා කරනවය කියන පිළිබිඹුවක් ඇතිවෙනවා.එය අනිසි ප්‍රචාරක කාර්යයක්.ඒවගේම එය අදහස් ප්‍රකාශනයේ නිදහස ආවරණය කිරීමකුත් නොවෙයි. ඒ වෙනුවට සිද්ධවෙන්නේ විශේෂ ජනකොටක් ඉලක්ක කරගෙන පහරදීමක්. එය දේශපාලන තරඟයේ වාසි ලබා ගැනීමට ගත්ත බාලවර්ගයේ ඉලක්කයක්."
"'Charlie Hebdo' සඟරාවේ නබිතුමාගේ කාටූන් පලමුවරට පළවෙනකොට මම පොඩි කෙල්ලක්.ඒත් එම සඟරාව පළකරන කන්තෝරුවට පහර එල්ල කරනව මට මතකයි. ඒ වෙලාවේ කවුරුත් සමාජ මාධ්‍ය ජාලයේ තමන්ගේ මුහුණත පින්තූරය (profile picture) 'Je suis Charlie' විධියට වෙනස් කෙරුව."
ඊට පස්සේ මම කාටූන් බැලීම සදහටම නතර කෙරුව. නමුත් මම 'ට්විටර්' ජාලයේ ඉන්නකොට ඒ කාටූන් ආයෙත් මගේ ඇහැ ගැටුණා.මට දැනුණේ මට අවමන් කළා වගේ හැඟීමක්. යුදෙව් ආගමට සහ කිතුනු දහමට වගේ ඉස්ලාම් දහමට ගරුකරන්න බැරි කුමක් නිසාද?
(සොඩබා හෛඩේ සකස් කළ වාර්තාවක් ඇසුරිණි)
කියවන්න ;









