මගීන් 130 ක් රැගත් ඉන්දීය ගුවන් යානයක් තාප්පයක ගැටෙයි

ඡායාරූප මූලාශ්‍රය, AIR INDIA
දකුණු ඉන්දියාවේ ත්‍රිචී සිට ඩුබායි දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ ඉන්දීය ගුවන් සමාගමට අයත් මගී ගුවන් යානයක් ගුවන්ගත කිරීමේදී ගුවන් තොටුපොළේ තාප්පයක ගැටී අනතුරට පත්වී තිබේ.
ඉන්දීය ගුවන් සමාගමට අයත් IX 611 දරන ගුවන් යානය අනතුරට ලක් වන අවස්ථාවේ එහි මගීන් 130 ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 6 ක් සිට ඇති අතර එය නිරුපද්‍රිතව මුම්බායි ගුවන් තොටුපොළට ගොඩ බස්වා තිබේ.
ගුවන් යානය පියාසර කරවූ ගුවන් නියමුවන් දෙදෙනා පැය 6500 ට වඩා වැඩි පියාසර කාලයක අත්දැකීම් සහිත නියමුවන් බව පවසන ඉන්දීය ගුවන් සමාගම මේ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බව ද ප්‍රකාශ කරයි.
Air India ඉන්දියාවේ ජාතික ගුවන් සේවාව වේ.
ඉන්දීය ගුවන් සමාගම නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, Boeing 737 වර්ගයට අයත් එම ගුවන් යානය ත්‍රිචී ගුවන් තොටුපොළේ සිට සිකුරාදා (ඔක්තෝබර් 12) අලුයම පිටත් වීමට නියමිතව තිබූ බවය. එය පිටත් වීම ආරම්භ කළ අවස්ථාවේ, "යානය ගුවන් තොටුපොළේ තාප්පයේ ගැටීමට ආසන්න බව," එහි නිලධාරීන් දැක තිබේ.
මෙම අනතුරෙන් ගුවන් යානයට ද හානි සිදුව තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Air India
කෙසේ වෙතත්, යානයේ ප්‍රධාන නියමුවා පවසා ඇත්තේ "ගුවන් යානයේ යාන්ත්‍රික පද්ධතිය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන," බවය.
ඉන්දියාවේ පැරණිතම ගුවන් සමාගමක් වන Air India 2007 වසරේ සිට පාඩු ලබමින් සිටී.
2017 වසරේදී එම ගුවන් සමාගම පෞද්ගලික අංශයට පැවරීමට සැලසුම් කළ ද, මධ්‍යම රජය එහි පාලනය තමන් යටතේ තබා ගැනීමට උත්සහ කළ හෙයින් එය මිල දී ගැනීමට ගැනුම්කරුවෙකු ඉදිරිපත් වූයේ නැත.









