ඉරාන් ගුවන් අනතුරෙන් හැටහයක් මරුට

මගීන් හැට දෙනාම මරණයට පත් බව යානය අයත් සමාගම පවසයි

ඡායාරූප මූලාශ්‍රය, konstantin von wedelstaedt

ඡායාරූප ශීර්ෂ වැකිය, මගීන් හැට දෙනාම මරණයට පත් බව යානය අයත් සමාගම පවසයි

මගීන් හැටහය දෙනකු රැගත් ගුවන් යානයක් කඳුකරයකට කඩා වැටීමෙන් සිදු වූ මහා ජීවිත විනාශයක් පිළිබඳව ඉරානය වාර්තා කරයි.

යානය කඩා වැටී තිබෙන්නේ 'ඉස්ෆහාන්' නගරයෙන් දකුණු දෙසින් පිහිටි 'ෂග්රොෂ්'(Zagros) කඳුකරයටය.

කඩා වැටුන යානය 'ටෙහෙරාන්' අගනුවර සිට 'යසුජ්' නම් නිරිත දිග නගරය කරා පියාසර කරමින් තිබුණ බව ඉරාන් වාර්තා මගින් පැවසෙයි.

උදෑසන පහට පමණ ගුවන්ගත වූ යානය රේඩාර් තිරයෙන් අතුරුදහන් වූ බව ඉරාන් ගුවන් ගමන් පාලක මැදිරිය පවසයි.

එය වසර විස්සක් පැරණි යානයක් බවත් පැවසෙයි.

කඩා වැටුන යානය 'ටෙහෙරාන්' අගනුවර සිට 'යසුජ්' නම් නිරිත දිග නගරය කරා පියාසර කරමින් තිබුණි
ඡායාරූප ශීර්ෂ වැකිය, කඩා වැටුන යානය 'ටෙහෙරාන්' අගනුවර සිට 'යසුජ්' නම් නිරිත දිග නගරය කරා පියාසර කරමින් තිබුණි

බේරා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කරමින් හෙලිකොප්ටර් යානයක් අනතුර සිදු වූ ස්ථානය කරා ලඟා වීමට උත්සාහය කළත් එහි පැවති අයහපත් කාලගුණය නිසා එහි ගොඩබෑමට නොහැකි වූ බව එම ප්‍රදේශයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.

මේ අතර රතු අඩසඳ සංවිධානය පුද්ගලයන් බේරා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කරනු ලැබ ඇති බවක් වාර්තා වෙයි.

තවත් ගුවන් අනතුරු;