දකුණු කොරියාව සහ ඇමෙරිකාව අතර 'යුද ක්‍රීඩාවේ' අනාගතය පිළිබඳ සාකච්ඡා

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඒකාබද්ධ යුද අභ්‍යාස නවත්වන බව ඇමෙරිකානු ජනපතිවරයා ප්‍රකාශ කිරීමෙන් අනතුරුව, ඇමෙරිකා එක්සත් ජනපද සහ දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යවරු හමුවී අනාගත සැළසුම් පිළිබඳව සාකච්ඡා කළහ.
ඩොනල්ඩ් ට්‍රම්ප් එම අනපේක්ෂිත ප්‍රකාශය කළේ පසුගිය අඟහරුවාදා (ජුනි 12) සිංගප්පූරුවේදී උතුරු කොරියානු නායක කිම් ජොන්-අන් හමුවීමත් සමගය.
දකුණු කොරියාව සමග ඇති මිත්‍රත්වය තවදුරටත් එලෙසින්ම පවතින බව ඇමෙරිකා එක්සත් ජනපදය අවධාරණය කරයි. යුද අභ්‍යාස අත්‍යවශ්‍ය සහ "ස්ථිර" බව දෙපාර්ශවය මීට ඉහතදී පවසා තිබිණි.
මීට පරිබාහිර වෙනත් අවස්ථාවකදී, තම යුද සන්නිවේදන ක්‍රමවේදය මුළුමනින්ම යාවත්කාලීන කරන බව උතුරු සහ දකුණු කොරියාව පවසා තිබේ.
ඇමෙරිකානු සොල්දාදුවන් 29,000 ක් පමණ දකුණු කොරියාවේ ස්ථාන ගතකර ඇති අතර, දෙරට සොල්දාදුවෝ වාර්ෂිකව මහා පරිමාන යුද අභ්‍යාසවල නිරත වූහ. මෙය බොහෝ විට හඳුන්වන ලද්දේ 'යුද ක්‍රීඩා' යනුවෙනි.
ඒ අනුව මීලඟ යුද අභ්‍යාසය සැලසුම් කර තිබුණේ ගිම්හාන ඍතුවේදීය.

ඡායාරූප මූලාශ්‍රය, AFP
නමුත්, කිම් ජොන්-අන් සමග සිංගප්පූරුවේදී පැවති සාකච්ඡාවලදී, යුද අභ්‍යාසය "ඉතා කුපිත කරවන සුළු" කටයුත්තක් ලෙස විස්තර කළ ඩොනල්ඩ් ට්‍රම්ප් එය අවසන් කරන බව පවසා තිබේ. එය මින් පෙර සිටි ඇමෙරිකානු පාලකයන්ගේ මතයට පටහැනිය.
කෙසේවුවද, බ්‍රහස්පතින්දා (14) හමුවූ දකුණු කොරියානු සහ ඇමෙරිකානු ආරක්ෂක අමාත්‍යවරු, ඉදිරි යුද අභ්‍යාස පිළිබඳ සාකච්ඡා කර තිබේ.
"දෙරට අතර පවතින ස්ථිර බැඳීම අනුව ආරක්ෂක සේවා සැපයීම් අඛණ්ඩව වර්ධනය කිරීමට" (ඇමෙරිකාව) එකඟවූ බව දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යවරයා පැවසීය.
ඇමෙරිකාව සහ දකුණු කොරියාව පවත්වන ලද ඒකාබද්ධ යුද අභ්‍යාස, පිළිගත නොහැකි මට්ටමේ ප්‍රචන්ඩ සහ කුපිත කරවනක් ලෙස උතුරු කොරියාව දීර්ඝ කාලයක් තිස්සේ විවේචනයට ලක් කළේය.
දකුණු කොරියාවට යවන මීලඟ ඇමෙරිකානු තානාපතිවරයා ලෙස නම්කර ඇති හැරී හැරිස්, මීට පෙර යුද අභ්‍යාස පිළිබඳ සාධනීය අදහස් පළ කළද, සාකච්ඡා සඳහා උතුරු කොරියාවේ ඇති කැපවීමට අවස්ථාව සලසාදීමක් වශයෙන් "වඩා බලවත් අභ්‍යාස" මඳකට නතර කළයුතු බව පවසා තිබේ.
සබැඳි පුවත්:








