නිකරගුවා උණුසුම ලොවට හෙළිකරන ඡායාරූප පෙළක්

ඡායාරූප මූලාශ්‍රය, Reuters
මධ්‍යම ඇමෙරිකානු රාජ්‍යයක් වූ නිකරගුවාවේ හටගත් ප්‍රචණ්ඩ ක්‍රියා මාසයක් ඉක්මවා පැතිරෙද්දී මේවන විට පුද්ගලයන් 70 ට වඩා ඝාතනයට ලක්වී ඇත. සමාජ ශුභ සාධනය සඳහා වෙන්කළ මුදල් කප්පාදුව දහස් ගණනක් පුද්ගලයන් සහභාගී වන මෙම ප්‍රචණ්ඩ ක්‍රියා වලට හේතු විය.

ඡායාරූප මූලාශ්‍රය, AFP
මුලින්ම, විශ්‍රාමිකයන්ගෙන් සමන්විත වූ සිය ගණනක විරෝධතාකරුවන් මාර්ග වලට අවතීර්ණ වූහ. නමුත්, රජයට පක්ෂපාත මැර කණ්ඩායම් ඊට පහරදීම වැනි ප්‍රතිචාර දැක්වීම නිසා තවත් දහස් ගණනක් පුද්ගලයන් ඊට ඒකරාශී කෙරිණි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
දෙපාර්ශ්වයෙන් ම ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවිය. විශාල පොලිස් නිලධාරීන් පිරිසක් තුවාල ලැබූ නමුත්, පුද්ගලයන් රැසකගේ මරණ විරෝධතාකරුවන් කුපිත කරවීමට හේතුවිණි. සිදුවීම සජීවීව ආවරණය කරමින් සිටි මාධ්‍යවේදියෙක් නාඳුනන පුද්ගලයෙක්ගේ වෙඩි පහරකින් මරණයට පත්විය. සමහරු එය වාරණයට ලක්කර ඇති බව පවසති. නිකරගුවා ජනාධිපති ඩැනියෙල් ඕටෙගා (Daniel Ortega) ආඥාදායකයෙක් ලෙස හැසිරෙන බව විරෝධතාකරුවෝ පවසති.

ඡායාරූප මූලාශ්‍රය, AFP
තමන් විසින් ම නිපදවන ලද මෝටාර් විරෝධතාකරුවන්ගේ අත සුලබව දකින්නට ඇත.

ඡායාරූප මූලාශ්‍රය, AFP
මෙම කාන්තාව මෝටාරයක් දල්වන්නේ ජනාධිපතිවරයාගේ පාර්ශ්වයට සහාය දැක්වීමක් ලෙසය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ජනාධිපති ඔටේගාගේ ආධාරකරුවන්ද එකට එක කරමින් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කළේය. අපරාධකරුවන් සහ මැර කල්ලි විරෝධතා පිටුපස සිටින බව ඔටෙගා පවසයි. පොලිස් ප්‍රචණ්ඩ ක්‍රියා, ප්‍රශ්න ඇතිකරන "කුඩා කණ්ඩායමට එරෙහි නීත්‍යානුකූල ආරක්ෂක ක්‍රියාවක්" බව ජනපති බිරිඳ සහ උප ජනපති මීට පෙර ප්‍රකාශ කළේය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
විරෝධතාව මෙහෙයවන්නන් අතර තරුණයන් සහ ශිෂ්‍යයන් ප්‍රධානවේ. ඔවුන් ලියොන් (Leon) හිදී පැනමා - ඇමරිකා ප්‍රධාන පිවිසුම් මාර්ගය (Pan-American highway) අවහිර කර ඇති ආකාරය මෙම ඡායාරූපයේ දැක්වේ.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ප්‍රචණ්ඩ ක්‍රියා අවසන් කරන ලෙස ෆ්‍රාන්සිස් පාප් වහන්සේ අප්‍රේල් මාසයේදී ඉල්ලා සිටි නමුත් එය තවත් උග්‍ර අතට හැරිණ. ප්‍රචණ්ඩ ක්‍රියාවන්හි ගොදුරු බවට පත්වූවන් අනුස්මරණයට කන්‍යා සොයුරියන් සහභාගීවී සිටිනු දක්නට ලැබිණ. නිකරගුවාහි ප්‍රබල කතෝලික සභාව ප්‍රචණ්ඩ ක්‍රියා නවතාලීමට මැදහත්ව කටයුතු කරන්නට අපේක්ෂා කරයි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ඒ සඳහා ගත් මුල් පියවර පසුගිය සතියේ අසාර්ථක විය. පසුගිය සති අන්තයේ රාජ්‍ය විරෝධී පෙළපාලි නැවත හටගත්තේ දහස් ගණන් පිරිස මාර්ගවලට පිවිසීමෙනි.








