අභ්‍යවකාශ කසළ රැස්කෙරන ආදර්ශ මෙහෙයුමක්

අභ්‍යවකාශ කසළ මෙහෙයුම

ඡායාරූප මූලාශ්‍රය, SSC

ඡායාරූප ශීර්ෂ වැකිය, අභ්‍යවකාශ 'කසළ' මෙහෙයුම

එක්සත් රාජධානියේ මූලිකත්වයෙන් දියත් කෙරෙන අභ්‍යවකාශ කසළ රැස් කරන පරීක්ෂණ උපකරණයක් අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය (International Space Station) වෙත පිටත්කර තිබේ.

කුඩා චන්ද්‍රිකාවකට සමාන යානයක් මෙම 'කසළ රැස්කරණය' නැතහොත් 'රිමූව්-ඩෙබ්‍රීස්' රැගෙන යන අතර එය කසළ හඳුනා ගැනීමේ සහ රැස්කිරීමේ තාක්ෂණය අභ්‍යවකාශයෙහි අත්හදා බලනු ඇත.

Skip Facebook post

මෙහි අන්තර්ගතය නැත

වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.

End of Facebook post

'රිමූව්-ඩෙබ්‍රීස්' පද්ධතිය අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය බලා ගමන් ගන්නා අතර එළඹෙන මැයි මාසයේදී එහි පරීක්ෂණ ක්‍රියාවළිය ආරම්භ කිරීමට අභ්‍යවකාශගාමීන් කටයුතු කරණු ඇත.

අභ්‍යවකාශයේ කසළ දිනෙන් දින ඉහළ යන ගැටලුවක් වන අතර මේවන විට ටොන් 7 500 කට වඩා අනවශ්‍ය ලෝහමය ද්‍රව්‍ය පෘථිවිය වටා කැරකැවෙමින් පවතින්නේ යැයි විශ්වාස කෙරේ.

NASA/NANORACKS

ඡායාරූප මූලාශ්‍රය, NASA/NANORACKS

ඡායාරූප ශීර්ෂ වැකිය, පසුගිය අප්‍රේල් සිට විද්‍යාඥයන් 'කසළ' මෙහෙයුම සඳහා යුහුසුළු විය

පැරණි සහ අක්‍රීය යානාවන් සිට කුඩා ඇණ දක්වා ද්‍රව්‍යයන් මගින්ද ,යානාවලින් ගැළවී ගිය තීන්ත පතුරු වැනි කවර හෝ ද්‍රව්‍යයකට වුවද, දැනට සක්‍රීයව පවතින අභ්‍යවකාශ උපකරණවලට අනතුරු සිදුවීමේ හැකියාවක් පවතී.

ඊට පිළියමක් ලෙස අනාගතයේ අභ්‍යවකාශ අපද්‍රව්‍ය ඉවත් කරන ආකාරය පැහැදිළි කරදීමට 'රිමුව්-ඩෙබ්‍රීස්' සමත් වනු ඇත.

කිලෝ 100 ක් පමණ බරකින් යුත් මෙම 'රිමුව්-ඩෙබ්‍රීස්' යානය, SpaceX Falcon 9 රොට්ටුවේ නංවා පෘථිවියෙන් පිටත් කළේ සඳුදා (අප්‍රේල් 02) දිනයේය.

එය බදාදා (04) වනවිට අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ලඟවනු ඇතැයි අපේක්‍ෂා කෙරුණි. කක්ෂගත කිරීමට ප්‍රථමයෙන් මෙම චන්ද්‍රිකාව අන්තර් ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සති කිහිපයක් රඳවා ගනු ඇත.

SpaceX Falcon 9 රොට්ටුවේ නංවා 'රිමුව්-ඩෙබ්‍රීස්' පෘථිවියෙන් පිටත් කරන ලදී

ඡායාරූප මූලාශ්‍රය, SSTL/MAX ALEXANDER

ඡායාරූප ශීර්ෂ වැකිය, SpaceX Falcon 9 රොට්ටුවේ නංවා 'රිමුව්-ඩෙබ්‍රීස්' පෘථිවියෙන් පිටත් කරන ලදී

'රිමුව්-ඩෙබ්‍රීස්' තමන්ගේ 'අපද්‍රව්‍ය' ද අභ්‍යවකාශයට නිකුත් කර, නැවත ඒවා 'කසළ' ලෙස රැස්කරගනු ඇත.

එක්සත් රාජධානියේ 'සරේ' විශ්ව විද්‍යාලයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (Surrey's Space Centre) මූලිකත්වයෙන් දියත් කළ එම ව්‍යාපෘතියට සමස්ථ යුරෝපයේම දැණුම එක් වී ඇත.

මෙම පර්යේෂණ යානය කක්ෂගත කිරීම අභ්‍යවකාශයේ කසළ රැස්කිරීමේ හා ඉවත්කිරීමේ හොඳම ක්‍රමවේදය සොයා යන ගමනේ එක් පියවරක් බව මෙහි මූලික පර්යේෂකයා වන මහාචාර්ය ගුග්ලියෙමෝ ඇලියාටා (Guglielmo Aglietti) පවසයි.

SURREY SPACE CENTRE

ඡායාරූප මූලාශ්‍රය, SURREY SPACE CENTRE

ඡායාරූප ශීර්ෂ වැකිය, කක්‍ෂගත කිරීම නිරීක්‍ෂණය

තවත් පුවත්: