සඳේ දූලි තැවරුණු බෑගය ඩොලර් 18 ලක්ෂයකට අලෙවි වේ

1969 වසරේ ජුලි 20 වෙනිදා අජටාකාශගාමී නීල් ආම්ස්ට්‍රෝන් විසින් සඳ මත තැබූ පළමු මිනිස් පා සටහන

ඡායාරූප මූලාශ්‍රය, PA

ඡායාරූප ශීර්ෂ වැකිය, 1969 වසරේ ජුලි 20 වෙනිදා අජටාකාශගාමී නීල් ආම්ස්ට්‍රෝන් විසින් සඳ මත තැබූ පළමු මිනිස් පා සටහන

සඳෙන් ලබා ගත් මුල්ම පාෂාණ සාම්පල බහාලීම සඳහා ඇමරිකානු අජටාකාශගාමී නීල් ආම්ස්ට්‍රෝන් විසින් භාවිත කරන ලද බෑගය නිව්යෝක්හි පැවති වෙන්දේසියක දී ඩොලර් දහඅට ලක්ෂයකට අලෙවි විය.

1969 වසරේ ඇපලෝ 11 මෙහෙයුම දී භාවිත කරන ලද බෑගය සඳහා ඉහළම ලන්සුව ඉදිරිපත් කළ පුද්ගලයා සිය නම හෙළි කර නොමැත.

සඳේ දුහුවිලි සලකුණු සහ කුඩා පාෂාණ කැබලි සුදු පැහැති බෑගය තුළ තවමත් දැකගත හැක.

ඇපලෝ 11 මෙහෙයුමට අයත් බාහිර පුද්ගලයෙකු සතුව තිබූ කෞතුක වටිනාකමක් සහිත එකම වස්තුව මෙම බෑගය ලෙස සැලකේ.

එය වෙන්දේසිය සඳහා ඉදිරිපත් කෙරුණේ එහි හිමිකාරිත්වය සඳහා අධිකරණය හමුවේ පැවති අරගලයකට පසුවය.

නඩු මගට

The bag used to collect samples of the Moon is displayed at Sotheby's

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, සඳෙන් ලබා ගත් පාෂාණ සාම්පල බහාලීම සඳහා භාවිත කළ බෑගය
Astronauts Neil Armstrong ඇපලෝ 11 යානයේ ගනම් ගත් නීල් ආම්ස්ට්‍රෝන් (වම් පසින්), මයිකල් කොලින්ස් සහ එඩ්වින් ඕල්ඩ්‍රින් (දකුණු පසින්)

ඡායාරූප මූලාශ්‍රය, NASA

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇපලෝ 11 යානයේ ගනම් ගත් නීල් ආම්ස්ට්‍රෝන් (වම් පසින්), මයිකල් කොලින්ස් සහ එඩ්වින් ඕල්ඩ්‍රින් (දකුණු පසින්)

ඇපලෝ 11 යානය පෘතුවියට යළි පැමිණි පසු එහි තිබූ සියලුම උපකරණ පාහේ 'Smithsonian' කෞතුකාගාරය වෙත යවනු ලැබිණි.

අදාළ උපකරණ ලැයිස්තුවේ පැවති දෝෂයක් හේතුවෙන් පාෂණ බහාලීමට භාවිත කළ බෑගය ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ වූ පෙට්ටියක් තුළ හැර දමා ගොස් තිබිණි.

2015 පැවති ආණ්ඩුවේ වෙන්දේසියක දී ඉලිනොයිස්හි නීතිඥවරයෙකු විසින් ඩොලර් 995 ට බෑගය මිලදී ගනු ලැබ තිබුණේ එය හඳුනා ගැනීමේ දී සිදු වූ වරදක් නිසාවෙනි.

පසුව නාසා ආයතනය විසින් බෑගය යළි ලබා ගැනීමට උත්සාහ කළ නමුත් එය නීතිඥවරයාට අයත් බව අධිකරණය තීන්දු කළේය.

නීතිඥවරයා විසින් බෑගය වෙන්දේසිය සඳහා ඉදිරිපත් කරනු ලැබුවේ ඉන් පසුව ය.