ට්‍රම්ප්ගෙන් කිම් ජොන් වාග් සංග්‍රාමය; "මගේ න්‍යෂ්ටික බොත්තම වඩාත් බලවත් සහ විශාලයි"

න්‍යෂ්ටික බොත්තම මේස මත

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, න්‍යෂ්ටික බොත්තම මේස මත

වඩාත්ම බලගතු හා න්‍යෂ්ටික අවි භාවිතා කිරීමේ ශක්තිය ඈත්තේ තමාට බව අමෙර්කානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඇමරිකානු ජනපතිවරයා 'ට්විටර්' පණිවුඩයක් ඔස්සේ එම ප්‍රකාශය කර තිබෙන්නේ උතුරු කොරියානු නායකයාගේ නව අවුරුදු ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි.

"න්‍යෂ්ටික බොත්තම සැමවිටම තමන්ගේ මේසය මත"යැයි උතුරු කොරියානු නායක කිම් ජොන් අන් ප්‍රකාශ කළා. ඊට වඩා විශාල හා බලගතු න්‍යෂ්ටික බොත්තමක් ඇමෙරිකාව සතුව ඇති බව, විඩාවෙන් හා කුසගින්නෙන් පෙළෙමින් උතුරු කොරියානු රෙජීමය තුළ වෙසෙන කවරෙක් හෝ කිම් ජොන් අන් වෙත දන්වා සිටියොත් හොඳයි! ඔහුගේ බෝතතමට වඩා මගේ බොත්තම විශාලයි. ඒ වගේම වැඩ කරනවා !" ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් පණිවුඩයේ සඳහන්වේ.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

න්‍යෂ්ටික අවි දරන දෙරටේ නායකයන් අතර වර්ධනය වන පුද්ගලිකත්වය ඉලක්ක කරගත් ගැටුමේ ආසන්නම සිදුවීම ට්‍රම්ප්ගේ මෙම ට්විටර් පණිවුඩය වෙයි. ට්‍රම්ප්ගේ මෙම අසම්මත ප්‍රකාශය සමාජ මාධ්‍ය ජාලයෙහි ඉතා වේගයෙන් සංසරණය විය.

තමන් සතුව ඇති ලෝකයේ විශාලතම න්‍යෂ්ටික අවි ගබඩාව ප්‍රයෝජනයට ගැනීම සම්බන්ධයෙන් කවර හෝ ඇමරිකානු ජනපතිවරයකු සතු තීරණ ගැනීමේ හැකියාව ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශයෙන් පෙන්නුම් කරයි.

ඇමරිකානු නායකයාගේ මෙම අසම්මත ප්‍රකාශ රාජ්‍යතාන්ත්‍රීක භාෂාව පිළිබඳ නැවත සාකච්ඡාවක් මතු වීමට හේතුවී ඇත.

ඇමරිකානු නායකයාගේ අසම්මත රාජ්‍යතාන්ත්‍රීක භාෂාව

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇමරිකානු නායකයාගේ අසම්මත රාජ්‍යතාන්ත්‍රීක භාෂාව

තමන් සතුව ඇමරිකාවට පහරදීමට ශක්තිමත් න්‍යෂ්ටික බලයක් ඇතිබව උතුරු කොරියාව ප්‍රකාශ කරයි. එහෙත්, ඔවුන් සතුව ඊට අවශ්‍ය තාක්ෂණය ඇත්තේදැයි පැහැදිළි නොමැති බව විචාරකයෝ සැක පහළ කරති.

න්‍යෂ්ටික අවි භාවිතා කරන බවට ලෝක නායකයන් සැහැල්ලුවෙන් කරන ප්‍රකාශ පිළිබඳව බොහෝ පිරිස් අන්තර්ජාලය තුළ අනතුරු අඟවා ඇත.

දකුණු කොරියාව සමග සංවාදයට විවෘතයි

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, දකුණු කොරියාව සමග සංවාදයට විවෘතයි

'සංවාදයට විවෘතයි'

තර්ජනයෙන් ඔබ්බට ගොස්, තමා ඔලිම්පික් හිම ක්‍රීඩා උළෙල සම්බන්ධයෙන් දකුණු කොරියාව හා "සංවාදයට විවෘත" බවට නව වසරේ පළමු දේශනයේදී කිම් ජොන් අන් කළ ප්‍රකාශය පිළිබඳව බොහෝ පිරිස් විමතිය පළ කර ඇත.

'සබදතා වර්ධණය කරගැනීමට' ඔළිම්පික් ක්‍රීඩා උළෙල මගින් සුවිශේෂී අවස්ථාවක් උදාවී ඇති බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දකුණු කොරියානු ජනපති මූන් පසුගියදා පැවසීය.

සබැදි පුවත්: