ඩොනල්ඩ් ට්‍රම්ප් සහ පාකිස්තානය අතර වාග් සංග්‍රාමයක්

ඩොනල්ඩ් ට්‍රම්ප්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

තමන්ගෙන් ඩොලර් බිලියන ගණනක මුදලක් ආධාර වශයෙන් ලබාගන්නා අතරවාරයේ ඇමෙරිකා එක්සත් ජනපදය රවටන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පාකිස්තානයට චෝදනා කරයි.

අමෙරිකානු හමුදාවලට අවශ්‍යව සිටින ත්‍රස්තවාදීන්ට රැකවරණ සලසන බවට ද ඔහු පාකිස්තානයට චෝදනා කර තිබේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් එම චෝදනා නගන්නේ නව වසරේ පළමු ට්විටර් පණිවුඩය නිකුත් කරමිනි.

ජනාධිපතිවරයාගේ එම චෝදනාවලට කෝපයෙන් ප්‍රතිචාරය පළ කළ පාකිස්තානය පවසන්නේ එක්සත් ජනපදය ලබා දුන් සියලු මූල්‍යාධාර නිසි පරිදි වියදම් කරන ලද බවය. "ඇමෙරිකාව ඇෆ්ඝනිස්තානයේදී පරාජය වීම ගැන," ට්‍රම්ප් වියරු වැටී සිටින බවත් පාකිස්තානය පවසයි.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

පසුගිය අගෝස්තු මාසයේ පමා කරන ලද ඩොලර් මිලියන 250 කට වැඩි ආධාර මුදල පාකිස්තානයට ලබා දීම අත්හිටුවීම් පිළිබඳව එක්සත් ජනපදය දැන් සලකා බලමින් සිටියි.

පාකිස්තානය ත්‍රස්තවාදී කණ්ඩායම්වලට එරෙහිව දැඩිව ක්‍රියා කිරීමට අපොහොසත් වූ බව ට්‍රම්ප් පරිපාලනයේ මතය වී තිබෙන බැවින් එම අරමුදල් අත්හිටුවීම සලකා බැලෙමින් තිබෙන බව The New York Times පුවත්පත වාර්තා කරයි.

මේ අතර ජනාධිපතිවරයාගේ ට්විටර් පණිවුඩය පිළිබඳව විරෝධය පළකිරීම පිණිස පාකිස්තානයේ සිටින එක්සත් ජනපද තානාපති ඩේවිඩ් හේල් (David Hale) සඳුදා (ජනවාරි 01) විදේශ අමාත්‍යංශයට කැඳවා තිබුණි.

ත්‍රස්තවාදීන්ට "ක්ෂේම භූමියක්" සපයන බවට ජනාධිපති ට්‍රම්ප් මීට ඉහතදී පාකිස්තානයට චෝදනා කර තිබුණි.

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 2

පාකිස්තානය ඇෆ්ඝනිස්තානයේ තාලිබාන් ව්‍යාපාරයට සහාය දෙන බව එක්සත් ජනපදයේ හැඟීම වී තිබෙන අතර ඒ පිළිබඳව රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් ද මීට ඉහතදී පාකිස්තානය විවේචනයට ලක් කළේය.

නේටෝ සංවිධානයට අයත් නොවන හවුල්කරුවෙකු පාකිස්තානය එක්සත් ජනපදයේ සමීප මිතුරු රාජ්‍යයකි.

එක්සත් ජනපදයේ සිටින ඇෆ්ඝනිස්තාන තානාපතිවරයා සහ හිටපු ඇෆ්ඝනිස්තාන ජනාධිපති හමීඩ් කර්සායි මේ අතර ඩොනල්ඩ් ට්‍ර්ම්ප් ගේ අලුත්ම ට්විටර් පණිවුඩය අගය කර තිබේ.

සබැඳි යොමු: