උතුරු කොරියාව: ධවල මන්දිරය සහ රාජ්‍ය ලේකම් ප්‍රතිවිරුද්ධ මතයක?

ඡායාරූප මූලාශ්‍රය, Reuters
උතුරු කොරියාව හා සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් ඇමරිකාවේ ස්ථාවරයේ වෙනසක්වූ බවට ඇමරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් (Rex Tillerson) කළ සඳහනට ප්‍රතිවිරුද්ධ ප්‍රකාශයක් ධවල මන්දිරය සහ ඔහුගේම පාලනය යටතේ ඇති ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත්කර තිබේ.
කොන්දේසි විරහිතව උතුරු කොරියානු රජය සමග සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව ඔහු අඟහරුවාදා (දෙසැ 12) වොෂිංටනයේ පැවති ප්‍රතිපත්ති පිළිබද සමුළුවකදී ප්‍රකාශ කළේය.
"අප උතුරු කොරියාව සමග ඕනෑම මොහොතක සාකච්ඡා කිරීමට සූදානම් බවටත්, පළමු සාකච්ඡාව පූර්ව කොන්දේසි නොමැතිව පැවැත්වීමට කැමති බවටත් රාජ්‍යතාන්ත්‍රික අංශ අපව දැනුවත්කලා"යැයි සමුළුව අමතමින් රාජ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කළේය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
නමුත් දිනක් ඇතුලත ධවල මන්දිරය සහ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කළේ උතුරු කොරියාව පළමුවෙන්ම න්‍යෂ්ටික අවිහරණයට කැපවියයුතු බවය.
මෑත මාස කිහිපය තුළ ධවල මන්දිරය හා රාජ්‍ය ලේකම්වරයා ප්‍රසිද්ධියේ වෙනස් මත දැරූ තෙවන අවස්ථාව මෙම ප්‍රවෘත්තියත් සමග සටහන් විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මෙම සිදුවීමට අදාලව නම හෙළි නොකළ ධවල මන්දිර නිලධාරියෙක් "කවර හෝ එකඟත්වයකට පැමිණීමට, උතුරු කොරියාව තමන් විසින්ම තමන්ගේ චර්යාවේ වර්ධනයක් සකස්කර ගන්නා තෙක් බලාසිටිය යුතු බව පාලනාධිකාරියේ තීරණයේ වෙනසක් නොමැති බව" රොයිටර් සේවය වෙත බදාදා ප්‍රකාශ කළේය.
"රාජ්‍ය ලේකම්වරයා පැවසූ ආකාරයටම, එය සිදුවියයුතු නමුත්, තවදුරටත් මිසයිල අත්හදා බැලීම් හෝ න්‍යෂ්ටික අවි අත්හැර දැමිය යුතුයි" යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශකයා ද, ඉහත ප්‍රකාශය නැවතත් තහවුරු කර ඇත.
"උතුරු කොරියාව කැමැත්තෙන්ම බරපතල හා විශ්වසනීය ලෙස න්‍යෂ්ටික අවිහරණය පිළිබඳ සාකච්ඡාවට පැමිණෙන්නේ නම් ඔවුන් හා සාකච්ඡා මාර්ගයට පිවිසීමට අප විවෘතයි. නමුත් මේ ඊට අවස්තාව නොවේ" ඔහු ප්‍රකාශ කළේය.
වැඩිදුර තොරතුරු:










