වින්ස්ටන් චර්චිල්ගේ 'සුරුට්ටු කොටයට' ඉහළ ලන්සුවක්

ඡායාරූප මූලාශ්‍රය, RR AUCTION
දෙවන ලෝක යුද්ධය පවතින සමයේ බ්‍රිතාන්‍යයේ අගමැතිව සිටි වින්ස්ටන් චර්චිල් විසින් උරන ලද සුරුට්ටුවක ඉතිරි වූ කොටස ඩොලර් 12,000කට වෙන්දේසි වී තිබේ.
වින්ස්ටන් චර්චිල් ප්‍රංශයේ ලෙ බුවර්ශේ (Le Bourget) ගුවන්තොටුපොළේ දී මෙම සුරුට්ටුව උරමින් සිට ඇත්තේ 1947 මැයි මස 11වැනිදා ය.
එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා හි පදිංචි, පෞරාණික වටිනාකම් ඇති භාණ්ඩ එකතු කරන්නෙකු විසින් අඟල් හතරක් දිගැති මෙම 'සුරුට්ටු කොටය' මිලදී ගනු ලැබ ඇත.
ඔහුගේ නම හෙළිදරව් කර නැත.

ඡායාරූප මූලාශ්‍රය, RR AUCTION
වින්ස්ටන් චර්චිල් හිටපු අගමැතිවරයා විසින් උරන ලද මෙම සුරුට්ටුවේ ඉතිරි වූ කොටස තිබී ඇත්තේ විශ්‍රාමික බ්‍රිතාන්‍ය ගුවන් හමුදා නිලධාරියෙකු සන්තකයේ ය.
එවකට අගමැති චර්චිල් ප්‍රංශයට ගොස් නැවත බ්‍රිතාන්‍යයට පැමිණෙද්දී එම ගමනට මෙම හිටපු ගුවන් හමුදා නිලධාරියා ද එක්වී ඇත.
එවකට අගමැති චර්චිල් ප්‍රංශයට ගොස් නැවත බ්‍රිතාන්‍යයට පැමිණෙද්දී එම ගමනට මෙම හිටපු ගුවන් හමුදා නිලධාරියා ද එක්වී ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මෙය කියුබානු සුරුට්ටුවක් වන අතර එහි අග අලවා ඇති රතු සහ රන් පැහැති ලේබලයේ වින්ස්ටන් චර්චිල්ගේ නම ද සඳහන් වෙයි.
ලෝක ප්‍රකට චරිතයක් වූ වින්ස්ටන් චර්චිල් විසින් පාවිච්චි කරන ලද තවත් සුරුට්ටුවක ඉතිරි වූ අග කොටස 2015 වසරේදී ද වෙන්දේසි විය.
එය විකිණී ඇත්තේ ඩොලර් 2000ක ලන්සුවකට ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images








