ජර්මනියත් සමරිසි විවාහ නීතිගත කරයි

Outside parliament there were celebrations as the measure was passed on the last day before it dissolves for summer recess

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

සමලිංගික විවාහය නීතිගත කිරීමේ කෙටුම්පතකට ජර්මානු පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය හිමිවිය.

සමරිසි විවාහය නීතිගත කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් පැවැත්වීමට චාන්සලර් අන්ගෙලා මර්කල් මීට ඉහතදී විරෝධය පළ කළ අතර, ඡන්ද විමසීම පැවැත්වුණේ චාන්සලර්වරිය එම විරෝධය ඉවත්කරගැනීමෙන් දින කිහිපයකට පසුවය.

නව නීතිය අනුව දරුවන් හදා වඩා ගැනීම ඇතුළු විවාහක යුවලකට හිමි සියලු වරප්‍රසාද සමලිංගිකයන්ටත් හිමි වේ.

අන්ගෙලා මර්කල් ගේ දේශපාලන ප්‍රතිවාදීන් බොහෝ දෙනා සමලිංගික විවාහය නීතිගත කිරීමට පක්ෂ වූ නමුත් චාන්සලර්වරිය එයට එරෙහිව සිය ඡන්දය භාවිත කළාය.

Mrs Merkel has changed her stance on same-sex adoption - but nonetheless voted to oppose gay marriage

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඒ අනුව නව නීතියට පක්ෂව මන්ත්‍රීවරු 393 දෙනෙකු ඡන්දය දුන් අතර, 226 දෙනෙක් එරෙහිව ඡන්දය දුන්හ.

ඡන්ද විමසීමෙන් අනතුරුව අදහස් දැක්වූ චාන්සලර්වරිය කියා සිටියේ විවාහය යනු කාන්තාවක සහ පුරුෂයෙකු අතර සිදුවන්නක්ය යන්න තමන් විශ්වාස කරන බවය.

දරුවන්ගේ සුබසාධනය උදෙසා සමලිංගික විවාහයට එරෙහි විය යුතු බව 2013 මහ මැතිවරණය අවස්ථාවේ ඇගේ ස්ථාවරය විය.

එහෙත් අනෙක් දේශපාලන පක්ෂ සිය ස්ථාවරයට එරෙහි බැවින් අනාගතයේදී ඒ සම්බන්ධයෙන් නිදහස් ඡන්ද විමසීමකට ඉඩ සලසන බව ඇය පසුගිය 26 වැනි දා සඳහන් කළේ ජර්මනියේ බොහෝ මාධ්‍ය විමතියට පත්කරමිනි.

නෝර්වේ, ස්වීඩනය, ඩෙන්මාර්කය (ෆරෝ දූපත් හැරුණු විට), ෆින්ලන්තය, අයිස්ලන්තය, නෙදර්ලන්තය, බෙල්ජියම, ස්පාඤ්ඤය, පෘතුගාලය, ලක්සෙම්බර්ග්, ප්‍රංශය, අයර්ලන්ත ජනරජය සහ බ්‍රිතාන්‍යය යන යුරෝපා රටවල් මේ වනවිටත් සමලිංගික විවාහය නීතියෙන් පිළිගෙන තිබේ.