ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
චැම්පියන්ස් කුසලානය: කපුගෙදරට ආබාධයක්
පාදයේ හටගත් ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මැද පෙළ පිතිකරු චාමර කපුගෙදරට චැම්පියන්ස් කුසලාන එක් දින තරගාවලියෙන් ඉවත් වීමට සිදු වී= තිබේ.
ඔහු ආබාධයට ලක්ව ඇත්තේ බ්‍රහස්පතින්දා (ජුනි 08) ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත තරගයට පෙර පැවති පුහුණු සැසියකට සහභාගි වෙමින් සිටියදීය.
ඒ අනුව චාමර කපුගෙදර වෙනුවට ධනුෂ්ක ගුණතිලක කණ්ඩායමට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීන්දු කර තිබේ.
එංගලන්ත සංචාරයේ සංචිතයට ඇතුළත්ව නොසිටියත් එහි පුහුණු වීම් සඳහා සහභාගි වෙමින් සිටි ධනුෂ්ක ගුණතිලක සංචිතයට ඇතුළත් කරන මෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජගත් ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලීමක් කර තිබේ.
බ්‍රහස්පතින්දා ඉන්දියාව සමග පැවැත්වෙන තරගයට නායක ඇන්ජලෝ මැතිව්ස් සහභාගි වන්නේ පිතිකරුවෙක් වශයෙනි.