ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ක්‍රිකට්: දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකාව පරාජය කරයි
චැම්පියන්ස් කුසලානයේ දකුණු අප්‍රිකාවට එරෙහිව සෙනසුරාදා (ජුනි 03) ඕවල් ක්‍රීඩාංගනයේ පැවති තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත් විය.
මුලින් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත ඕවර 50 අවසානයේ කඩුලු 06 ක් දැවී ලකුණු 299 රැස් කළේය.
එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට ඕවර 41 පන්දු 03 ක් අවසානයේ කඩුලු සියල්ල දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 203 ක් පමණි.
දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් අගනා පිති හරඹයක යෙදුණු හසීම් අම්ලා ලකුණු 103 ක් රැස් කළේය.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායක උපුල් තරංග ලකුණු 57 ක් රැස් කිරීමට සමත් විය.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මීළඟ තරගය ජුනි 08 වෙනිදා පැවැත්වීමට නියමිතය.
තරගාවලියේ ඉදිරියට යාම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරි තරග දෙක අනිවාර්යයෙන් ජය ගත යුතුය.
මේ අතර දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව පැවති තරගයේ පන්දු යැවීම සඳහා දිගු කාලයක් ගැනීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක උපුල් තරංගට තරග තහනමක් පැනවීමට ඉඩ ඇති බවට ක්‍රීඩා විචාරකයෝ මත පළ කරති.