ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
උපුල් තරංගට තරග තහනමක්?
චැම්පියන්ස් කුසලානයේ දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව සෙනසුරාදා (ජුනි 03) පැවති තරගයේ නියමිත කාලය තුළ ඕවර 50 යැවීමට අපොහොසත් වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක උපුල් තරංගට තරග තහනමක් පැනවීමට ඉඩ ඇති බවට ක්‍රීඩා විචාරකයෝ මත පළ කරති.
ක්‍රීඩා විචාරකයන් පවසන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක උපුල් තරංගට චැම්පියන්ස් කුසලානයේ මීලග තරග දෙක සඳහා තරග තහනමක් පැනවීමේ හැකියාවක් පවතින බවය.
සාමාන්‍යයෙන් ඕවර 50 යැවීම සඳහා ගත කරනු ලබන කාලය පැය 03 මිනිත්තු 30 කි.
ඕවල් ක්‍රීඩාංගනයේ පැවති තරගයේ දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව පන්දු යැවීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පැය හතරකට වැඩි කාලයක් ගත කර තිබිණි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් මාංශපේශි වේදනාවක් හේතුවෙන් අද සෙනසුරාදා පැවති තරගය ක්‍රීඩා නොකළ අතර නායකත්වය සඳහා උපුල් තරඟ පත් කෙරිණි.
එවැනි තත්වයක උපුල් තරංගට තරග තහනමක් පැන වුවහොත් තරගාවලිය තුළ දැඩි අභියෝගයකට මුහුණ දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වනු ඇත.