ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මැතිව්ස් ‘පිතිකරුවකු ලෙස පමණක්' යළි පිටියට?
චැම්පියන්ස් කුසලාන-2017 තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වෙන මී ළඟ තරඟයේ දී කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් යළි පිතිකරුවකු මට්ටමින් පමණක් ක්‍රීඩා කිරීමට නියමිත බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රකාශකයෙක් බීබීසියට ප්‍රකාශ කළේය.
ශාරීරික ආබාධයකට ලක්වීම නිසා පසුගිය සෙනසුරාදා (ජූනි 03) දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වුන තරඟය ශ්‍රී ලංකා නායකයාට අහිමි විය.
මෙම තරඟාවලියේ දී ශ්‍රී ලංකාව සහභාගී වෙන දෙවන තරඟය ජූනි අට වෙනිදා (ජූනි08) ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගනයෙහි ඉන්දියාවට එරෙහිව පැවැත්වෙයි.
මැතිව්ස් මේවනවිට සුවය ලැබ පුහුණුවීම් ආරම්භකර ඇති අතර චැම්පියන්ස් කුසලානයේ ඉතිරි තරග සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඔහුගේ නායකත්වය යටතේ ක්‍රීඩා කිරීමට නියමිත බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රකාශකයා සඳහන් කළේය.
කෙසේ නමුත් ඔහු 'පිතිකරුවෙකු ලෙස පමණක්' ක්‍රීඩා කරන අතර පන්දු යැවීමෙන් වැළකී සිටීමට ඉඩකඩ ඇති බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් පවසයි.
තරඟ දෙකක් තහනම් කරනු ලැබ සිටින උපුල් තරංග වෙනුවට කුසල් ජනිත් පෙරේරා සහ නිරෝෂන් දික්වැල්ල ආරම්භක පිතිකරුවන් ලෙසත් නායක ඇන්ජලෝ මැතිව්ස් තම සුපුරුදු අංක පහ ස්ථානයේ ක්‍රීඩා කිරීමට නියමිත බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග මගින් වාර්තා වෙයි.
එහෙත් යම් හෙයකින් ඇන්ජලෝ මැතිව්ස්ට මීළඟ තරඟය සඳහාත් ක්‍රීඩා කිරීමට නොහැකි වුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායම දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් තරඟ වදිනු ඇත.
2017 චැම්පියන්ස් කුසලාන තරඟාවලියේ අවසන් පූර්ව වටයට යාමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරි තරඟ දෙකේදී ඉන්දියානු හා පකිස්ථාන් කණ්ඩායම් පරාජය කිරීමේ අභියෝගයට මුහුණ දී සිටියි.